Monday, May 6, 2024

අකිල පරාදයි !

Must read

school_strike

ඇතැමුන්ට අවශ්‍ය පරිදි පාසල් වැසිය නොහැකි බවත්, අද (4 දා) දිනයේදී සුපුරුදු පරිදි පාසල් පවත්වන බවටත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් කළ පසුගිය දිනවලදී සිදුකළ ප්‍රකාශ හුදු වහසිබස් බවට පත්කරමින් රජයේ පාසල් ගණනාවක් අද දිනයේදී වසා දැමීමට සිදුවිය.

දේශපාලන පළිගැනීමට ලක්වූවන්ට පත්වීම් ලබාදීමේදී සිදු වී ඇතැයි කියන අක්‍රමිකතාවලට එරෙහිව විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් ලෙඩ නිවාඩු මත සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් මෙලෙස පාසල් වසා දැමීමට සිදුවිය.

රජයේ පාසල්වල සේවයේ නියුතු ගුරුවරුන් විශාල ප්‍රමාණයක් අද දිනයේදී සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් පාසල් කරා පැමිණි දරුවන් ආපසු නිවෙස්වලට කැදවාගෙන යාමට මව්පියන් විසින් කටයුතු කළහ. බොහෝ පාසල්වල දරුවන් පාසල් පැමිණීමේ කැපී පෙනෙන අඩුවක් දැකගත හැකි වූ අතර ගුරුවරුන්ගෙන් සුලු ප්‍රතිශතයක් පමණක් අද දිනයේදී සේවයට වාර්තා කර තිබූ අයුරු වයඹ ටුඩේ කණ්ඩායම කළ සංචාරයන්වලදී දැකගත හැකිවිය.

කෙසේවෙතත්,  කොළඹ සහ අනෙකුත් ප්‍රදේශවල පිහිටි ජාතික පාසල්වලට මෙම වැඩවර්ජනයෙන් එතරම් බලපෑම් එල්ල වී නොමැති බවද වාර්තා වෙයි.

පාසල් වර්ජනය පිළිබද සවිස්තරාත්මක වීඩියෝ වාර්තාවක් අද පස්වරුවේ වයඹ ටුඩේ වෙබ් අඩවියෙහි පළවීමට නියමිතය.

ගුරුවරුන් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි පාසල් කිහිපයක් අද දිනයේ වසා දමා තිබූ අයුරු පහත ඡායාරූපවලින් දැක්වෙයි.

school_strike_1

school_strike_2

school_strike_3

school_strike_4

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article