Sunday, May 5, 2024

ගුරු වර්ජනයෙන් ඉබ්බාගමුවේ පාසල්වලට ඉබියතුරු වැටෙයි !

Must read

 

school_strike_2

දේශපාලන පළිගැනීමට ලක්වූවන්ට පත්වීම් ලබාදීමේදී සිදු වී ඇතැයි කියන අක්‍රමිකතාවලට එරෙහිව විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් ලෙඩ නිවාඩු මත සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් දිවයින පුරා පිහිටි පාසල් ගණනාවක් අද (04 දා ) දිනයේදී  වසා දැමීමට සිදු වූ අතර, මෙරට පාසල් අධ්‍යාපන කටයුතු බරපතල ලෙස අඩාල වූ දිනයක් බවත් පැහැදිලි ලෙස දැකගත හැකිවිය.

නමුත් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් මහතා අද පස්වරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් පවසා තිබුණේ වර්ජනය හේතුවෙන් කිසිදු පාසලක ඉගෙනීමේ කටයුතු අඩාල නොවූ බවකි. එනම් අද දිනයේදීත් පාසල්වල කටයුතු ‘‘ හරිම ෂෝක් “ විදිහට සිදු වූ බවකි.

නොදන්නාකමින් හෝ එසේත් නොවේනම්,  නොදන්නා ලෙස සිටිමින් කතාකරන අධ්‍යාපන ඇමැතිවරයාගේ දැනගැනීම පිණිස ගුරු වර්ජනය පිළිබද  වීඩියෝ දර්ශණ කිහිපයක් පළකිරීමට අප අදහස් කළෙමු.  අද දිනයේදී ඉබ්බාගමුව අධ්‍යාපන කලාපය තුළ සංචාරය කළ වයඹ ටුඩේ පුවත් කණ්ඩායම විසින්  රූගත කළ දර්ශණ මෙහි ඇතුළත්ය.  ඉබ්බාගමුව කලාපයේ  පාසල් ගණනාවක්  වසා දමා තිබූ අයුරුත්, තවත් පාසල් ගණනාවක  දෛනික කටයුුතු අඩාල වී තිබූ අයුරුත් එහිදී අප ප්‍රවෘත්ති කණ්ඩායමේ නිරීක්ෂණයට ලක්විය.

ඉබ්බාගමුව, කුඹුක්වැව, මානපාය විද්‍යාලයේ සේවයේ නියුතු ගුරුවරුන් කිසිවෙකුත් අද දිනයේදී සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් පාසල් පැමිණි දරුවන් ආපසු නිවෙස්වලට කැදවාගෙන යාමට මව්පියන් විසින් කටයුතු කර තිබිණි. මේ හේතුවෙන් අද දහවල් වනවිට මානපාය විද්‍යාලයේ ගේට්ටුව ඉබි යතුරු දමා වසාදැමීමට පාසල් ආරක්ෂක නිලධාරින් විසින් කටයුතු කර තිබිණි.

එමෙන්ම තිත්තවැල්ල විද්‍යාලයේ සහ කුඹුක්ගැටේ මධ්‍ය මහා විද්‍යාලයේ සේවයේ නියුතු ගුරුවරුන් කිසිවෙකුත්  සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් එම විද්‍යාලයන්ද වසාදමා තිබිණි. මීගහඇල විද්‍යාලය, හෙට්ටිගෙදර විද්‍යාලය ඇතුලු තවත් පාසල් කිහිපයක්ද ගුරුවරු නොමැතිකමින් වසා දැමීමට සිදු වූ බවත් වාර්තා විය. ප්‍රදේශයේ අනෙකුත් පාසල්වල දරුවන්ද පාසල් පැමිණීමේ කැපී පෙනෙන අඩුවක් දැකගත හැකි වූ අතර ගුරුවරුන් නොපැමිණීම හේතුවෙන් බොහෝ මව්පියන් සිය නිවෙස් කරා දරුවන් ආපසු කැදවාගෙන යන අයුරුද දැකගත හැකිවිය.

වර්ජනය හේතුවෙන් වසා දමා තිබූ පාසල්වල දර්ශණ පහත දැක්වෙයි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article