Saturday, May 18, 2024

අධික වර්ෂාව නිසා පුත්තලමේ කොට්ඨාශ 3ක පවුල් විපතට පත්වේ

Must read

c7169b6c7e5a0ed2

(1.38pm) මාස කීපකට පසුව ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 03 පවුල් 17 ක් පීඩාවට පත්ව සිටින බව පුත්තලම ආපදා කළමණාකරන ඒකකය සදහන් කරයි.

01 වැනිදා රාත්‍රීයේ සිට පුත්තලම දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශ වලට වැසි ඇද හැලෙන්නට විය.

වැසි සමගම හමා ගිය සුළගකින් කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිර්මලපුර කජු වත්ත ප්‍රදේශයේ නිවාස 12 කට හානි සිදු වී ඇත.ඉන් නිවාස 03 කට බරපතල හානි සිදුවී ඇති  බව ආපදා කළමණාකරන ඒකකය සදහන් කරයි.මෙම තත්ත්වය නිසා පුද්ගලයින් 36 දෙනෙකු පීඩාවට පත්ව ඇත.

වැසි ජලය බැස නොයාම නිසා ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉලක්කට්ටුව ගම්මානයේ පවුල් 04 ක පුද්ගලයින් 19 දෙනෙකු සහ දංකොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  මොටෑමුල්ල ප්‍රදේශයේ පවුල් 01 ක  පුද්ගලයින් 04 දෙනෙකු පීඩාවට පත්ව සිටින බවත් ආපදා කළමණාකරන ඒකකය සදහන් කරයි.

ජූඩ් සමන්ත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article