spot_img
spot_img
Thursday, July 2, 2026
spot_img
spot_img

ආරක්ෂක අංශයේ උසස්ම නිලයක් ප්‍රථම වරට පුත්තලම් දිස්ත්‍රික්කයට !

Must read

නාවික හමුදාවේ 27 වන නාවික හමුදාපතිවරයා ලෙස පත්වු වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා වෙන්නප්පුවේ ඉපිද වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇති හමුදා නිලධාරියෙකි. එමෙන්ම මීට පෙර පුත්තලම් දිස්ත්‍රික්කයෙන් ප්‍රධාන හමුදා නායකයෙකු පත්වී නොමැති අතර නාවික හමුදාපති ලෙස පත්වූ වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා ගේ පත්වීම සුවිශේෂී අවස්ථාවකි. ඔහුගේ මෙම පත්වීම සම්බන්ධයෙන් ඊයේ විවිධ සමාජ මාධ්‍ය ඔස්සේ ඔහුට සුබපැතුම් එක්කර තිබුණි. ඒ අතර වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතාට වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විද්‍යාලයීය විදුහල්පති ඇතුළු විධායක කමිටුව ප්‍රමුඛ ආදි ශිෂ්‍ය සංගමයේත්, දෙස් විදෙස් සමස්ත ආදි ශිෂ්‍යයන්ගේ හෘදයාංගම සුභපැතුම් එක්කර තිබ්‍රණි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article