Sunday, May 19, 2024

අවුරුදු 13 ක පිරිමි දරුවෙකුට අතවර කළ චීවරධාරියෙකු පිළිබද පුත්තලම පොලීසියෙන් විමර්ශන

Must read

 

child-abuse-violence-bullying-kids-in-corner-vector-8338271බාල වයස්කාර පිරිමි දරුවෙකුට ලිංගික අතවර කළ බව කියන චීවරධාරියෙකුව අත්අඩංගුවට ගැනීම සදහා පුත්තලම පොලීසිය විමර්ශණ කටයුතු ආරම්භ කර ඇත.  පසුගිය මාර්තු මාස 16 වැනිදා මදුරන්කුලිය – කිවුල ප්‍රදේශයේදී මෙම අපරාධය සිදුවී තිබේ. අතවරයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 13 ක් වන පිරිමි දරුවෙකි.

අම්මා විසින් තමන්ට පොල් මිළදී ගෙන ඒම සදහා රුපියල් 1000 ක මුදලක් දුන් බවත්,ඒ අනුව ගිය තමන්ට විහාරස්ථානය තුළදී අතවරය සිදුවූ බවද සිද්ධිය මුහුණ දුන් දරුවා පොලීසිය හමුවේ පවසා ඇත.දරුවාගේ පියා රැකියාව සදහා මුහුදු යන බවත්,එම නිසා පොලීසියට පැමිණිල්ලක් කිරීමට ප්‍රමාද වූ බවද පැමිණිලි පාර්ශවය සදහන් කර ඇත.සිද්ධියට සම්බන්ධ බව කියන වයස අවුරුදු 52 ක් වන චීවරධාරියාව මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.අතවරයට පත්ව ඇති දරුවා වෛද්‍ය පරීක්ෂණයක් සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත.


ජුඩ් සමන්ත.

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article