Friday, May 3, 2024

අශෝකයි, තුෂාරයි මාර්කට් එකට එකතු වෙයි !

Must read

kurunegala_maraket

කුරුණෑගල මධ්‍යම පොදු වෙළඳපොල භූමියේ මහල් විස්සකින් යුත් සාප්පු සංකීර්ණයක් ඉදිකිරීම සඳහා චීන ආයෝජකයින් පිරිසක් ඉදිරිපත් වී සිටිති.

වාහන 500 ක් නතර කළ හැකි රථගාලක්, නවීන තාක්ෂණයෙන් යුත් සිනමා ශාලාවක් හා රංග ශාලාවක්, සුපිරි හෝටල් සංකීර්ණයක් ඇතුලු සියලු අංග ඇතුලත් වන පරිදි මෙම නව සාප්පු සංකීර්ණය ඉදිකිරීමට නියමිතය. කුරුණෑගල නගරයට පැමිණෙන ජනතාව මේ වනවිට මුහුණදෙමින් සිටින ස්ථිර රථ වාහන නැවැතුම්පොළක් නොමැතිවීමේ ගැටලුවටද මෙම සාප්පු සංකීර්ණය ඉදිකිරීම තුළින් විසදුම් ලබාදීමට අපේක්ෂිතය. සාප්පු සංකීර්ණයේ අයෝජකයින් සමග එහි ඉදිකිරීම් ආරම්භ කිරීම පිළිබද මූලික සාකච්ඡාවක් ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ සහ කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල මහ නගර සභා කමිටු රැස්වීම් ශාලාවේදී පසුගියදා පැවැත්විණි. මෙමසාකච්ඡාවෙන් අනතුරුව අයෝජක පිරිස කුරුණෑගල මධ්‍යම වෙළඳපොල භූමිය සහ කුරුණෑගල වැව රවුම ද නිරීක්‍ෂණය කළ අතර සාප්පු සංකීර්ණයේ ඉදිකිරීම් කඩිනමින් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ආයෝජක පිරිස එහිදී පැවසූහ.

සංස්කාරක සටහන.
පක්ෂ, පාට , භේද ඉවතලමින් කුරුණෑගල නගරයේ දියුණුව වෙනුවෙන් අශෝක් අබේසිංහ සහ තුෂාර සංජීව විතාරණ යන දේශපාලන ප්‍රතිවාදීන් එක්ව අත්වැල් බැදගැනීම සතුටට කරුණකි. කුරුණෑගල පොදු වෙළදපොල භූමියේ ඉදිකෙරෙන බව කියන සුපිරි සාප්පු සංකීර්ණ වෙනුවෙන් සැලසුම් සකස්කෙරෙන්නේ නිමල් චන්ද්‍රසිරි ද සිල්වා මහතා පුරපති ධූරය හෙබ වූ කාලයේ සිටය. එලෙස සැලසුම් සකස්කෙරුණු නමුත් යම් යම් හේතු නිසා අසාර්ණක වී ගිය සාප්පු සංකීර්ණවල සැලසුම් පවා මේ වනවිට ඇත්තේ හමස් පෙට්ටිවලය. එබැවින් අශෝක් – තුෂාර දෙපළ අත්වැල් බැදගනිමින් ඉදිකිරීමට සූදානම් වන මෙම නව සාප්පු සංකීර්ණය හෝ සැබෑවක්, යථාර්ථයක් වනු දැකීම සමස්ත කුරුණෑගල දිස්ත්‍රික් ජනතාවගේ බලාපොරොත්තුව වෙයි.

kurunegala_market_5

kurunegala_market_1

kurunegala_market_4

kurunegala_market_3

kurunegala_market_2

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article