Monday, May 6, 2024

ඇඳිරි නීති නිවේදන නිසා ජනතාව බරපතල අවුලක .. ? කුරුණෑගල සහ කුලියාපිටිය තවදුරටත් හුදකලා කෙරේ

Must read

kurunegala-city_origරජයේ ඇඳිරි නීතිය පිළිබදව නිකුත්  කරනු ලබන නිවේදන වරින් වර වෙනස් වෙමින් තිබිම හේතුකොට ගෙන ජනතාව අවුලට පත්ව තිබේ. විශේෂයෙන් ඊයේ සවස් වන තුරුත් ප්‍රකාශ වි තිබුනේ කුරණෑගල සහ කුලියාපිටියේ ඇදිරි නිතිය තවදුරටත් ක්‍රියාත්මක බවය.
පසුව අද පෙරවරුවේ සිදුකරන්නට යෙදුන දැනුම් දිම් වලට අනුව කුරුණෑගල මෙන්ම කුලියාපිටියද  ඇදීරි නිතිය ඉවත් කළ ප්‍රදේශ ලෙසින් නම් ව තිබුණි.
දැන් යළිත් වරක් ප්‍රකාශයට පත්ව ඇත්තේ කුලියාපිටිය සහ කුරුණෑගල ඇතුලු පොලිස් බල ප්‍රදේශ 25 ක් තවදුරටත් හුදකලා කර ඇති බවය
දැනට මාධ්‍ය විසින් ප්‍රසිද්ධියට පත්කර ඇති නිවේදනයට අනුව කුරුණෑගල මහනගර සභා බල ප්‍රදේශය හෙට දිනයේ සිට තවදුරටත් හුදකලා කෙරන බව සැලය

දැනට පවතින නිරෝධායන ඇඳිරිනීතිය හෙට (09) සිට ඉවත් කෙරුණ ද හුදකලා කිරීමට තීරණය කර ඇති ප්‍රදේශ පහතින් දැක්වේ.
කොළඹ දිස්ත්‍රික්කය 

මට්ටක්කුලිය
මෝදර
බ්ලුමැන්ඩල්
කොටහේන
ග්‍රෑන්ඩ්පාස්
වෙරළබඩ පොලිස් බලප්‍රදේශය
ආදුරුප්පුවීදිය
මාළිගාවත්ත
දෙමටගොඩ
වැල්ලම්පිටිය
බොරැල්ල
කෙසෙල්වත්ත

කොළඹ හුදකලා කෙරෙන මහල් නිවාස සංකීර්ණ

මට්ටක්කුලියේ මෙත්සඳ සෙවන
මිහිජය සෙවන
මෝදර රන්මුතු සෙවන
ග්‍රෑන්ඩ්පාස් මුවදොර උයන
දෙමටගොඩ සිරිසර උයන
මාලිගාවත්ත ප්‍රදේශයේ හඳුනාගෙන ඇති මහල් නිවාස සංකීරණයක්
ගම්පහ දිස්ත්‍රික්කය 
වත්තල
පෑලියගොඩ
කඩවත
රාගම
මීගමුව
පමුණුගම
ජාඇළ
සපුගස්කන්ද

කළුතර දිස්ත්‍රික්කය
හොරණ
ඉංගිරිය
වෑකඩ බටහිර ග්‍රාමසේවා කොට්ඨාසය

කුරුණෑගල දිස්ත්‍රික්කය
කුරුණෑගල මහනගර සභා බලප්‍රදේශය
කුලියාපිටිය

කෑගල්ල දිස්ත්‍රික්කය
මාවනැල්ල
රුවන්වැල්ල

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article