Friday, May 3, 2024

ඇමැති කිරිඇල්ල මුතු කුඩේ යටින් වඩියි !

Must read

kiriella_kpl

කුරුණෑගල වැවිලි සමාගමේ සේවක සේවිකාවන් සදහා කාර්ය සාධනය මත පදනම් වූ දිරි දීමනා ප්‍රදානය අද (09 දා) පස්වරුවේ කුරුණෑගල කැන්ඩියන් රීච් හෝටලයේදී පැවැත්විණි.

එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ රාජ්‍ය ව්‍යවසාය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එම උත්සවය සදහා පැමිණියේ නර්තන ශිල්පිනියක විසින් ඔසවාගත් මුතු කුඩයක් යටින් වීම එහිදී කාගෙත් අවදානයට යොමු වූ විශේෂ සිදුවීමක් විය.

උත්සව අවස්ථාවකට පැමිණෙන ඇමැතිවරයෙකු පිළිගන්නා බොහෝ පිළිගැනීමේ ක්‍රමවේද ඇතත්, මුතු කුඩයක් යටින් ඇමැතිවරයෙකු  කැදවාගෙන යාම අතිශය දුලබ අවස්ථාවක් වන අතර කිරිඇල්ල ඇමැතිවරයා මුතු කුඩය යටින් ගමන්ගන්නා අයුරු පහත ඡායාරූපවලින් දැක්වෙයි.

මෙම අසාමාන්‍ය  අවස්ථාව පිළිබදව පාඨක සංවාදයක් ගොඩනැගීමට අප අදහස් කරන අතර කිරිඇල්ල ඇමැතිවරයාගේ මුතුකුඩ ගමන පිළිබදව අදහස් උදහස් දැක්වීමට මෙතැන් සිට පාඨක ඔබට ඉඩ විවර කෙරෙනු ඇත. අදාල සංවාදය හුදු චරිත ඝාතන, මඩගැසීම් සහ අදාල නොවන කාරණාවලින් බැහැරව වියත් මට්ටමින් සිදුකෙරෙනු ඇතැයි වයඹ ටුඩේ කර්තෘ මණ්ඩලය බලාපොරොත්තු වෙයි.

අදාල සිදුවීම පිළිබද අපගේ විග්‍රහය සහිත ලිපියක් ද හෙට දිනයේදී වයඹ ටුඩේ වෙබ් අඩවියේ පළකෙරෙනු ඇත.

kiriella_kpl_2

kiriella_kpl_1

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article