Friday, May 3, 2024

ඉදිරි සති අන්තයේ අවුරුදු උත්සව හා ආගමික උත්සව නවත්වන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරිය දැනුම් දෙයි

Must read

953b9054a47546622e0557152ba3a925_XLඉදිරි සතිඅන්තය දීර්ග සති අන්තයක් බවත් අවධානම තේරුම් ගනිමින් ජාතික වගකීමක් ලෙස සළකා සෞඛ්‍යාරක්ෂිතව කටයුතු කරන්නැයි සෞඛ්‍ය අමාත්‍යවරිය ජනතාවගෙන් ඉල්ලා සිටියි. අද පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදි රටේ වැඩිවෙමින් යන කොවිඩ් ආසාධිතයින් ගේ සංඛ්‍යාෙව් ඇති අවධානම සම්බන්ධයෙන් එහිදී හමුදාපතිවරයා ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන්ද අවධාරනය කරන ලදී. පසුගියදා සමරන ලද සිංහල – දෙමළ අලුත් අවරුදු උත්සවයෙන් පසු කොවිඩ් රෝගීන් 600ක් පමණ වාර්තා වී ඇති බව මෙහිදී ප්‍රකාශ කෙරිණි.
දැනට මෙරටින් හමු වී ඇති කොවිඩ් 19 වෛරස් ප්‍රභේදය,මෙතෙක් පැවති ප්‍රභේදයට වඩා වෙනස් ප්‍රභේදයක් බවත් සුනාමියක් මෙන් ඉන්දියාවේ පැතිර යන වෛරස් ප්‍රභේදය ද යන්න සහ එය කුමන ප්‍රභේදයක්ද යන්න පරීක්ෂා කරමින් සිටින බව සඳහන් කළාය.
ඉදිරි දින කිහිපයේ පැවැත්වීමට නියමිත  ආගමික උත්සව කිහිපයක් යෙදී ඇති බවත් මෙම තීරණාත්මක මොහොතේ ඒ සියල්ල නවතා දමන ලෙසද විශේෂයෙන් ඉදිරි දිනවලදී පැවැත්වීමට නියමිත මහජනයා සහභාගී වන අවරුදු උත්සව නවතා දමන ලෙසද අමාත්‍යවරිය මෙන්ම හමුදාපතිවරයා විසින් ඉල්ලා සිටින ලදී.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article