Friday, May 17, 2024

ඉන්දීය ආරක්ෂකයින්ගේ අත්අඩංගුවේ පසුවූ බහුදින යාත්‍රා 05ක් දිවයිනට

Must read

07 (1)

ඉන්දීය වෙරළ ආරක්ෂකයින්ගේ  අත්අඩංගුවේ සිටි බහුදින යාත්‍රා 05ක ධීවරයින් පිරිසක් නිදහස ලබා මෙරටට පැමිණ සිටියි. අත්අඩංගුවේ සිටියදී  ඉන්දීය වෙරළ ආරක්ෂකයින් විසින් ඔවුන්ට  අසීමිත ලෙස පහර දෙමින් විවිධ වධ හිංසා කළ  ධීවරයින් පවසයි. අත්අඩංගුවටපත් බහුදින යාත්‍රා වල ධීවරයින් 30 දෙනෙකු සිට ඇති අතර  ඉන්දීය මුහුදු සීමාවට තමන්ව ගෙන යාමෙන් අනතුරුව පහර දීම සිදු කළ බව මෙරටට පැමිණ සිටින ධීවරයින් කියා සිටී.

ඉන්දීය වෙරළ ආරක්ෂකයින් විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව නිදහස ලබා මෙරටට පැමිණ ඇත්තේ පුෂ්ප රැජින 03,පුෂ්ප රැජින 11,ශානුක පුතා,බෙව්ලා සහ චතුරානි 06 නම්වූ ධීවර යාත්‍රා වේ. මෙම බහු දින යාත්‍රා සියල්ල මේ වන විට දික්ඕවිට වරායේ නැංගුරම්ලා ඇත.

ජාත්‍යන්තර මුහුදේ මසුන් මැරීමෙන් අනතුරුව නියමිත නැව් මාර්ගය ඔස්සේ මෙරට බලා ගමන් කරමින් සිටින විට මෙම යාත්‍රා පසුගිය 17 වැනිදා ඉන්දීය වෙරළ ආරක්ෂකයින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.ඒ ඉන්දියාව සහ මාලදිවයින අතර ජාත්‍යන්තර මුහුදු සීමාවේදීය.0502 (1) 06

 

 

 

ඡායා – ජුඩ් සමන්ත.

 

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article