Thursday, May 2, 2024

උතුරට යන මාධ්‍ය නෑ ගමන වව්නියාවට ළං වෙයි !

Must read

උතු‍රේ සහ දකු‍ණේ මාධ්‍ය සහෝදරත්වය යා කිරීමේ අරමුණින් ජනමාධ්‍ය අමාත්‍යංශය සහ මාධ්‍ය සංගම් එක්ව සංවිධානය කරන ‘‘එන්න එකට හුස්ම ගන්න ‘‘මාධ්‍ය නෑ ගමන මේ වන විට වවිනියාව ළගා වී සිටී.

මෙම සංචාරය සදහා විශේෂයෙන් වෙන් කළ යාල් දේවී දුම්රියෙහි මැදිරි දෙකක නැගුණු මෙරට විද්්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයන් නියෝජනය කරන මාධ්‍යෙව්දීන් පිරිසක් සහ මාධ්‍ය සංගම් නියෝජිතයින් පිරිසක් අද උදෑසන 6. 35 ට පමණ යාපනය බලා ගමන් ආරම්භ කළහ. ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක සහ නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන යන මහත්වරුන්ද මෙම ගමනට මාධ්‍යවේදීන් සමග එක් වී සිටිති.

යාල්දේවී දුම්රියෙන් කුරුණෑගල දුම්රිය ස්ථානයට පැමිණි පිරිස ප්‍රවාහන නියජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජේ. සී. අලවතුවල සහ නලින් බණ්ඩාර යන මහත්වරුන් විසින් උණුසුම් ලෙස පිළිගත්හ.

මාධ්‍යෙව්දීන් පිරිස අද පස්වරු 3 ට පමණ වන විට යාපනයට ළගාවීමට නියමිතය.

jafna_1 jafna_2 jafna_3 jafna_4 jafna_5 jafna_6 jafna_7 jafna_10 jafna_9 jafna_8 jafna_11

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article