Friday, May 17, 2024

බඩින් ඉද්දිත් මරන්න හැදූ කිරි අම්මාගේ දිවි රැකෙයි.

Must read

ගව ඝාතන පනතේ සදහන් කොන්දේසි උල්ලංඝණය කරමින් ඝාතනය කිරීමට සූදානමින් සිටි ගැබ්ගත් කිරි එළදෙනකගේ දිවි බේරාගැනීමට කුලියාපිටිය පොලිසියේ නිලධාරීහු සමත්වූහ.

කුලියාපිටිය නගර සභා ගව ඝාතකාගාරයේදී ගැබ්ගත් කිරි එළදෙනක ඝාතනය කිරීමට සූදානම් වන බවට කුලියාපිටිය පොලිසියට ලැබී තිබූ තොරතුරකට අනුව පොලිස් නිලධාරීහු විසින් පසුගිය 24 වැනිදා මෙම වැටලීම සිදු කර තිබේ. පොලිස් නිලධාරීන් එම ස්ථානයට යනවිටත් කකුල් එකට ගැට ගැසූ මෙම එළදෙන ලේ වහනය වන කැපුම් තුවාල සහිතව බිම වැටී සිට ඇති බව කියයි. නීතිවිරෝධි අයුරින් සිදුකිරීමට සැරසුණු මෙම ගව ඝාතනය සදහා කුලියාපිටිය මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයාගේ අනුමැතිය ලබාගනු වෙනුවට උඩුබද්දාව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයාගේ මුද්‍රාවෙන් යුත් අවසරපතක් ලබාගෙන තිබූ බවද පොලිසිය කියයි.

බලපත‍්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් ගව ඝාතනයක් සිදු කිරීමට තැත්කළ බවට සැකපිට කුලියාපිටිය, කරන්තිප්පල ප‍්‍රදේශයේ පදිංචි මොහොමඞ් ඉබ‍්‍රාහිම් මොහොමඞ් ජෙම්සි නැමැත්තෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කුලියාපිටිය මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක අජිත් ප‍්‍රියන්ත මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්‍ෂක සුරංග දහනායක, උප පොලිස් පරීක්‍ෂකවරුන් වන ගයාන් හා මධුසංඛ, පොලිස් සැරයන් (21377 ) ජිනදාස ඇතුලූ නිලධාරීහු පිරිසක් වැටලීම සිදුකර සැකකරු අත්අඩංගුවට ගත්හ.

කුලියාපිටිය උපේන්ද්‍ර සේරසිංහ

kiriamma_2 kiriamma_4 kiriamma_1

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article