Friday, May 3, 2024

එළුගලේ කොස්මන් කපා කොටා මැරුවාට, එළුගලේම හතරක් එල්ලුම් ගහට.

Must read

elugala_murder_death_ penalty

තියුණු ආයුධවලින් පුද්ගලයෙකුට පහර දී සාපරාධී මනුෂ්‍ය ඝාතනයක් සිදුකළ බවට චෝදනා ලැබූ පුද්ගලයින් සිව් දෙනෙකුට, කුරුණෑගල හිටපු මහාධිකරණ විනිසුරු සහ වත්මන් කොළඹ මහාධිකරණ විනිසුරු රත්නප‍්‍රිය ගුරුසිංහ මහතා විසින් පෙරේදා ( 22 දා) මරණ දඩුවම නියම කළේය.

මෙලෙස මරණ දඩුවම් නියමකෙරුණේ කුරුණෑගල එළුගලේ පදිංචි, සුදු දේවයලාගේ සිරිපාල (55) , මල්ලාන අප්පුහාමිලාගේ අජිත් සම්පත් (55), පීටර් චාර්ල්ස් ජෝසප් (57) සහ හතුරුසිංහ ආරච්චිලාගේ චන්ද්‍රපාල (56) නැමැති අයවලුන්ටය.

1995 ජනවාරි 14 දින හෝ ඊට ආසන්න දිනයකදී කුරුණෑගල, එළුගල ප්‍රදේශයේම පදිංචි කොස්මන් ලාල් සමරසිංහ නැමැති අයට පොලුවලින් පහර දී, උල් පිහියකින්ද ඇණීමෙන් අනතුරුව කඩුවකින් කපාකොටා, අමානුෂික වධහිංසා සිදුකර ඝාතනය කළ බවට චෝදනා නගමින් චූදිතයන් හත්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් කුරුණෑගල මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකොට තිබිණි.

වසර 23 වැඩි කාලයක් තිස්සේ කුරුණෑගල මහාධිකරණය හමුවේ විභාග වූ මෙම නඩුවේ තීන්දුව පෙරේදා  ප්‍රකාශයට පත්කළ විනිසුරු රත්නප‍්‍රිය ගුරුසිංහ මහතා අදාල නඩුවේ පළමුවැනි, දෙවැනි, තෙවැනි සහ සිව්වැනි විත්තිකරුවන් ලෙස නම් කර සිටි චූදිතයින්, ඔවුන්ට එරෙහිව නගා තිබූ සියලු චෝදනාවන්ට වැරදිකරුවන් කරමින් මරණ දඩුවම නියම කළේය.

නඩු විභාගයේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා සෙසු විත්තිකරුවන් තිදෙනාට එරෙහිව නගා තිබූ චෝදනාවලින් ඔවුන් නිදොස් කොට නිදහස් කරමින් ඔවුන් මුදාහරින ලෙසට නියෝග කළේය. එලෙස නිදොස් කොට නිදහස් කෙරුණු එක් පුද්ගලයෙකු නඩු විභාගය අතරතුරදී මියගොස් ඇති බවද අනාවරණය විය.

මෙම නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ චාරක ධර්මසිරි මහතා පෙනී සිටි අතර පැමිණිල්ලේ සාක්ෂි මෙහෙයවීම කුරුණෑගල පොලිසිය විසින් සිදුකළේය.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article