Friday, May 3, 2024

සන්නාහ සන්නද්ධ බලකායේ ආරම්භක සාමාජික විජේනිස් දැයෙන් සමුගනී.

Must read

wijenis_furenal

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ ආරම්භක සාමාජිකයෙකු වූ, විශ්‍රාමික ලාන්ස් කෝප්‍රල් ආර්. ඩී. විජේනිස් මහතාගේ අවසන් කටයුතු පූර්ණ හමුදා ගෞරව සහිතව රිදීගම, පුස්සැල්ල පොදු සුසාන භූමියේදී  ඉකුත් 18 වැනිදා සන්ධ්‍යාවේ සිදුකෙරිණි.

රිදීගම, පුස්සැල්ල ගම්මානයේ පදිංචි වී සිටි විජේනිස් මහතා මියයන විට 85 වැනි වියෙහි පසුවිය. හෙතෙම සත් දරු පියෙකි. 1933 වර්ෂයේදී උපන් විජේනිස් මහතා 19 හැවිරිදි වියේදීම ශ්‍රී ලංකා පාබල හමුදාවට එකතු වී ඇති අතර සාමාන්‍ය සෙබළෙකු ලෙස වසර දෙකක පමණ කාලයක් එහි සේවයේ යෙදී තිබේ. 1955 දෙසැම්බර් මස 27 වැනිදා ශ්‍රී ලංකා යුද හමුදාවේ පළමු රෙජිමේන්තුව ලෙස සන්නාහ සන්නද්ධ බලකාය පිහිටුවන අතර, සෙබළ අංක 16 යටතේ එහි පළමු සෙබළ කණ්ඩායමට විජේනිස් මහතා එක් වී තිබේ. වසර 17 ක් පුරා සන්නාහ සන්නද්ධ බලකායේ පළමු බළඇණිය යටතේ සේවය කළ විජේනිස් මහතා ලාන්ස් කෝප්‍රල්වරයෙකු ලෙස 1970 වර්ෂයේදී සේවයෙන් විශ්‍රාම ගොස් තිබේ. සන්නාහ සන්නද්ධ බලකායේ ආරම්භක සෙබලුන් අතරින් මේ දක්වා ජීවතුන් අතර සිටි අවසන් හමුදා සාමාජිකයා විජේනිස් මහතා බවද වාර්තා වෙයි.

යුද හමුදා සම්ප්‍රදායන්ට අනුව විජේනිස් මහතාගේ අවමංගල උත්සවයේ කටයුතු සිදු වූ අතර, දේහය මත ජාතික ධජය තැන්පත් කිරීමෙන් අනතුරුව සන්නාහ සන්නද්ධ බලකා සෙබලුන්ගෙන් සැදුම්ලත් අවමංගල පෙරහැරකින් දේහය සුසාන භූමිය වෙත රැගෙන යනු ලැබීය. සන්නාහ සන්නද්ධ බලකායේ රෙජිමේන්තු අධිපතිවරයා විසින් නිකුත් කළ ශෝක පණිවිඩය ද කියැවීමෙන් අනතුරුව විජේනිස් මහතාගේ දේහය වෙත හමුදා ආචාර වෙඩි මුරයක් ද පිරිනමනු ලැබීය. අනතුරුව විජේනිස් මහතාගේ දේහය හමුදා සාමාජිකයින්ගේ දෑතින්වලින්ම පුස්සැල්ල පොදු සුසාන භූමියෙහි මිහිදන් කෙරිණි.

wijenis_furenal_1

wijenis_furenal_2

wijenis_furenal_3

wijenis_furenal_4

wijenis_furenal_5

wijenis_furenal_6

wijenis_furenal_7

wijenis_furenal_8

wijenis_furenal_9

wijenis_furenal_10

wijenis_furenal_11

wijenis_furenal_12

wijenis_furenal_13

wijenis_furenal_14

wijenis_furenal_15wijenis_furenal_16

wijenis_furenal_17

wijenis_furenal_18

wijenis_furenal_19

wijenis_furenal_20wijenis_furenal_21

wijenis_furenal_22

wijenis_furenal_23

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article