Sunday, May 19, 2024

කඩාදැමූ කුරුණෑගල බුවනෙක හෝටලය නැවත ප්‍රතිසංස්කරණය කිරීමට යයි ?

Must read

107600180_3170832869666088_4046063902283665554_n
 (09.50am) පසුගිය 14 වැනිදා කුරුණෑගලදී ඩෝසර් කර විනාශ කර දැමූ බුවනෙක හෝටලය එතිහාසික වටිනාකමකින් මෙන්ම පුරාවිද්‍යා වටිනාකමකින් යුත් ස්ථානයක් බවට සැලකුවද පසුගිය කාලයෙ මෙම ස්ථානය ව්‍යාපාරික කටයුතු වෙනුවෙන් පමණක් යොදාගෙන තිබුණී. මෙම ස්ථානය අසලින් දිවෙන මාර්ගය පුළුල් කිරීම වෙනුවෙන්  බාධකයක්ව පැවති මෙම ස්ථානය කඩාදමන විට එහි හෝටලයක් පවත්වාගෙන යමින් තිබී ඇත.  ඓතිහාසික වටිනාකමකින් යුතු කුරුණැගල බුවනෙක හෝටලය කඩා දැමීම සම්බන්ධව සොයා බැලීමට අගමැති නියමයෙන් 05 දෙනෙකුගෙන් සමන්විත විද්වත් පරීක්ෂණ කමිටුවක් ද පත්කරන ලදී.  මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කර ඇති කමිටුව 05 දෙනෙකුගෙන් සමන්විත වේ. එහි සභාපති පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්්‍ය සෙනරත් දිසානායක මහතා විසින්  සිදුකරන ලද විමර්ශනයෙන් පසුව මෙම ස්ථානය නැවත ප්‍රතිසංස්කරණය කිරීමට රජයේ සහය ඇති කටයුතු කරන බවට මාධ්‍යට ප්‍රකාශ කොට තිබේ. එමෙන්ම මෙම හෝටලය එකල කුරුණැගල රජකළ බුවනකබාහු රජුගේ රාජසභා මන්ඩපය ලෙස ජනප්‍රවාදයේ තිබුණත්  මෙහි සෑබෑ අයිතිය පිළිබදව සොයා බැලිය යුතුබවත් සදහන් කර තිබේ.


buwa (1)
 ප

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article