Saturday, May 18, 2024

කමල් ඉන්දිකට තනතුරු දුන්නාට අලුත් පරපුර කණස්සලෙන්. මාධ්‍ය හමුවකුත් කැදවයි.

Must read

kamal indikaශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිරියාල ප්‍රධාන සංවිධායකවරයා ලෙස වයඹ පළාත් සභා මන්ත්‍රී කමල් ඉන්දික මහතාගේ පත්කිරීම සම්බන්ධයෙන් අලුත් පරපුර නියෝජනය කරන කලාකරුවන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත සිය බලවත් අප්‍රසාදය පළ කර සිටිති.

කමල් ඉන්දික මහතාගේ පත්කිරීම සම්බන්ධයෙන් සිය මතය පැහැදිලි කිරීම සදහා අලුත් පරපුර කලාකරුවන් විසින් හෙට (29 දා) කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවත්, ඊට සහභාගි වන කලාකරුවන් විසින් අදාළ පත්කිරීම සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වනු ඇති බවත් අලුත් පරපුර ක්‍රියාකාරිකයෙකු වන අකලංක හෙට්ටිආරච්චි මහතා වයඹ ටුඩේ වෙබ් අඩවියට පැවැසීය.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය පළකරමින් කුඹුක්ගැටේ නගරයේදී ප‍්‍රසංගයක් පවත්වමින් සිටි අඵත් පරපුර කලාකරුවන් පිරිසකට පහරදුන් බවට වයඹ පළාත් සභා මන්ත‍්‍රී කමල් ඉන්දික මහතා ඇතුලු පිරිසකට චෝදනා එල්ල වූ අතර ඒ සම්බන්ධ නඩුවක්ද මේ වන විට කුරුණෑගල මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ විභාගවෙමින් පවතී.

a

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article