Friday, May 3, 2024

කොමිස් ගිලපු වයඹ ඇමැතිවරු ගැන හිටපු මහ ඇමැතිගෙන් හෙළිදරව්වක් !

Must read

athula_nwp

වයඹ පළාත් සභාවේ සිටි ඇතැම් අමාත්‍යවරු සියයට දහයේ කොමිස් මුදල තමන් අතට ලැබෙන තෙක් කොන්ත්‍රාත් ලබානොදුන් බව වයඹ හිටපු ප්‍රධාන අමාත්‍ය අතුල විජේසිංහ මහතා අනාවරණය කරයි.

විජේසිංහ මහතා මේ බව අනාවරණය කළේ මැයි මස 22 වැනිදා වයඹ පළාත් සභාවේදී විවාදයට ගත්, මධ්‍යම රජයේ පළාත් පාලන සහ පළාත් පාලන අමාත්‍යංශය විසින් සකස් කර එවා තිබූ පළාත් සභා මන්ත්‍රීවරුන් සදහා වන ආචාරධර්ම පද්ධතිය පිළිබදව අදහස් දක්වමිනි.

එහිදී අතුල විජේසිංහ මහතා විසින් කළ අදහස් දැක්වීමෙන් උපුටාගත් කොටසක් පහත දැක්වෙයි.

“…….. මම දන්නවා මේ පළාත් සභාවේ සමහර අමාත්‍යංශවල අමාත්‍යවරු හිටියා සියයට දහයේ කොමිස් මුදල මේසේ උඩ තියෙනකම් කොන්ත්‍රාත් එක ලබලා දෙන්නේ නැහැ. ලාච්චුවට දාගන්නවා. එහෙම දේවල් අදටත් සිද්ද වෙනවාද කියලා මම දන්නේ නෑ. නමුත් මේක එහෙම දේවල් සිද්ධ වුණු පළාත් සභාවක්. හැබැයි ඒ අය තවමත් යහතින් ජීවත්වෙනවා. මේ ආචාරධර්ම විධි මොනවත් නැහැ. හැබැයි දිව්රුම් දීලා තමයි පළාත් සභාවට ඇවිත් තියෙන්නේ…… “

2018 මැයි 22 වැනිදා වයඹ පළාත් සභා හෑන්සාඩ් වාර්තාව – 75 වැනි තීරුව

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article