Sunday, May 19, 2024

කොරෝනා ආසාධිතයින් වැඩි පිරිසක් විදේස්ගත පුද්ගලයින්

Must read

කොරෝනා(10.12am) සැප්තැම්බර් 01 වනදා වනවිට කොරෝනා රෝගීන් හැටඑක් දෙනෙකු හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. ඔවුන් සියලු දෙනා විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින්. රටවල් රැසක කොරෝනා අවධානම පවතින බැවින් මෙරට ද එම අවධානය සම්පූර්ණයෙන්ම පහව ගොස් නැති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී සුදත් සමරවීර මහතා මාධ්‍යට ප්‍රකාශකර තිබේ.

අලුතින් හඳුනාගත් කොරෝනා ආසාදිතයින් කටාර් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය් සිට මෙරටට පැමිණි පුද්ගලයින්වේ. ඒ අනුව මෙරටින් හඳුනාගත් කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව තුන්දහස් හැත්තෑඑක දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් දෙදහස් අටසිය හැත්තැ නව දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. මේ අතර යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්ර් සිල්වා මහතා ප්‍රකාශ කළේ විදෙස්ගතව සිට පැමිණෙන පිරිස් වැඩි වශයෙන් කොරෝනා ආසාධිතයින් බවට හඳුනාගැනීම හේතුවෙන් සීමාවන් වලට යටත්ව එම කටයුතු ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට සිදුවන බවයි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article