spot_img
spot_img
Friday, June 5, 2026
spot_img
spot_img

කෝටි දෙකක් ඉල්ලා වාරියපොළ තරුණයා පැහැරගැනීම පිරමීඩ කල්ලියක වැඩක් !

Must read

රුපියල් කෝටි දෙකක කප්පම් මුදලක් ලබා දෙන ලෙසට ඉල්ලමින් නාදුනන පිරිසක් විසින් පසුගිය 13 වැනිදා රාත‍්‍රියේ වාරියපොළ ප‍්‍රදේශයේදී පැහැරගත් තරුණයා අද (15 දා ) අලුයම නිකවැරටිය ඔරලෝසු කණුව නිරුපද්‍රිතව මුදාහැර ගොස් සිටියදී ඔහුගේ ඥාතීන් සහ පොලිසිය එක්ව සොයා ගනු ලැබීය.

මෙලෙස පැහැරගැනීමට ලක් වූයේ වාරියපොළ, මැල්වත්ත පාරේ තුන්වැනි පටුමගෙහි පදිංචි වී සිටි මොහොමඩ් සරුක් මොහොමඩ් ආසික් නැමැති 20 හැවිරිදි තරුණයෙකි.

තරුණයා පැහැරගැනීම සම්බන්ධයෙන් දැනට සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන සිටින අතර ඊට අමතරව තවත් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් මෙහෙයුම් ක‍්‍රියාත්මක වෙමින් තිබේ. දිවයිනේ විවිධ ප‍්‍රදේශවල පදිංචි මෙම සැකකරුවන් සිව්දෙනා පිළිබද සියලු තොරතුරු මේ වන විට අනාවරණය කරගෙන ඇති බව පොලිසිය කියයි. මොවුන් කණ්ඩායමක් ලෙස එකට එකතු වී ඇත්තේ පිරමීඩ ජාවාරම හරහා බවත්, පිරමීඩ ජාවාරම හේතුවෙන් අහිමි වී ගිය මුදලක් යළි ලබාගැනීම සදහා මෙම පැහැරගැනීම සැලසුම් කර ඇතැයිද දැනට කළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයිද පොලිසිය වැඩිදුරටත් කියයි.

තරුණයා පැහැරගැනීමේ සිදුවීමේ සියලු තොරතුරු සහ ඡායාරූප සහිත සම්පූර්ණ වාර්තාවක් ඉදිරි පැය දෙක තුළදී වයඹ ටුඩේ වෙබ් අඩවියේ පළකෙරෙනු ඇත. රැදී සිටින්න !!

මොහොමඩ් ආසික් තරුණයා  වාරියපොළ පොලිස් ස්ථානයේදී සහකාර පොලිස් අධිකාරි චරිත ජයසුන්දර මහතා හමුවේ සිද්ධිය විස්තර කළ අයුරු.

kidnaped_boy

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article