Sunday, May 19, 2024

ගිංඔයේ කසිප්පු තිප්පොළ වටලන්න සුරාබදු නිලධාරින් බෝට්ටුවෙන් එති.

Must read

වෙන්නප්පුව, බොරලැස්ස ප්‍රදේශයේ ගිංඔය ළදු කැලෑව ආශ්‍රිතව හොර රහසේ පවත්වාගෙන ගිය මහා පරිමාණ කසිප්පු ස්කාගාරයක් ඊයේ ( 08 දා) දහවල් වැටලූ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් ගෝඩා හා කසිප්පු තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්හ.

එම ඒකකය වෙත ලැබී තිබූ රහසිගත තොරතුරකට අනුව ගිංඔය ඔස්සේ බෝට්ටුවලින් ගමන්කළ සුරාබදු නිලධාරීහු මෙම වැටලීම සිදුකළහ.

වැටලීම සිදුකරනවිටත් එම ස්ථානයේ කසිප්පු නිපදවමින් තිබී ඇති අතර එහි තිබූ ගෝඩා මිලි ලීටර් එක්කෝටි තිස්අට ලක්ෂයක් සහිත කෑන් 450 ක්, ස්ප්‍රිතු මිලිලීටර් ලක්ෂ හතරක් සහිත ප්ලාස්ටික් උර 12 ක්, විෂ සහිත ඇමෝනියා බෑග් 2ක් , සීනී කිලෝ 30 ක් , ඊස්ට් පැකට් තොගයක්, ගෑස් සිලින්ඩර් 3, ගෑස් ලිප් 3ක් , බැරල් 18 ක් සහ කසිප්පු හා ගෝඩා ප්‍රවාහනය කිරීමට යොදාගත් බව කියන අලුත්ම තෙප්පමක්ද සුරාබදු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්හ.

අත්අඩංගුවට ගත් කසිප්පු සහ පෙරුම් උපකරණ තොගයේ දළ වටිනාකම රුපියල් ලක්ෂ 20 ක් පමණ වන බවත්, සැකකරුවන් විසින් දීර්ඝ කාලයක සිට මෙම ජාවාරම කරගෙන යන්නට ඇති බවට සැකකරන බවත් වැටලීම සහභාගි වූ සුරාබදු නිලධාරිහු පැවසූහ. වැටලීම සිදුකරන අවස්ථාවේදී එම් ස්ථානයේ සිට පලාගිය තවත් පුද්ගලයන් කිහිපදෙනෙකු සොයා පුළුල් පරික්ෂණයක් ආරම්භ කර ඇති බවද සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය කියයි.

නයිනමඩම චන්දන ප්‍රනාන්දු

ginoye_ kasippau_2 ginoye_ kasippau_1 ginoye_ kasippau_3

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article