Friday, May 3, 2024

ගොකරැල්ල පොලිසියේ කොස්තාපල්වරයෙක් රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබා ගනී.

Must read

gokarella_police_shoot

සිය බිරිදගේ අභාවය පිළිබදව දැනගත් පොලිස් කොස්තාපල්වරයෙකු එසැණින් සිය රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන ඔහුගේ ජීවිතය ද අවසන් කරගැනීමේ අනුවේදනීය කතාවක් ගොකරැල්ල පොලිසියෙන් අද (25 දා) රාත්‍රියේදී වාර්තා විය.

මෙලෙස ජීවිතක්ෂයට පත් වූයේ ගොකරැල්ල පොලිසියේ රථවාහන අංශයට අනුයක්තව සේවය කළ පොලිස් කොස්තාපල් විමලරත්න (13568 ) නැමැති නිලධාරියාය.

රිය අනතුරකින් තුවාල ලැබීම හේතුවෙන් මෙම නිලධාරියාගේ බිරිද වසර හතරක පමණ කාලයක් තිස්සේ රෝගාතුරව පසු වී ඇති අතර ඇයගේ සියලු ඇප උපස්ථාන කටයුතු සිදු වී ඇත්තේ විමලරත්න මහතාගේ අතින් බව වාර්තා වෙයි. රෝගී තත්වය උත්සන්නවීම හේතුවෙන් දින කිහිපයක් තිස්සේ රිදීගම දිසා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිට ඇති විමලරත්න මහත්මිය අද පස්වරුවේ ජීවිතක්ෂයට පත් වී තිබේ. ඒ බව ඇගේ ඥාතීහු විසින් දුරකථනය ඔස්සේ විමලරත්න මහතාට දැනුම් දී ඇති අතර ඔහු ඒ වනවිට රාත්‍රි මාර්ග රාජකාරි වෙත පිටත් වී යාමට සූදානමින් පොලිසි නිල ඇදුමෙන් සැරසී , තනිකඩ භට නිවස්නයේ රැදී සිට තිබේ. සිය බිරිදගේ වියෝව පිළිබද පණිවිඩයෙන් කම්පාවට පත් පොලිස් කොස්තාපල්වරයා අද රාත්‍රි 7.05 ට පමණ ඔහු වෙත නිකුත් කර තිබූ රාජකාරි ගිනි අවියෙන් හිසට වෙඩි තබාගෙන ජීවිතක්ෂයට පත් වී තිබේ.

මිය ගිය විමලරත්න මහතා තෙදරු පියෙකු වන අතර හෙතෙම රිදීගම, ඊරියගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වෙයි.

කොස්තාපල්වරයා වෙඩි තබා ගත් තනිකඩ භට නිවස්නය ඇතුලු දර්ශණ පහත වීඩියෝවෙන් දැක්වෙයි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article