Friday, May 3, 2024

අවසන් ගමනේදීවත් බිරිද තනි නොකළ විමලරත්න රාළහාමිගේ නිවසට ගියෙමු.

Must read

gokarella_police_shoot_update

සිය බිරිදගේ අභාවයෙන් කම්පාවට පත්ව රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගනිමින් ජීවිතක්ෂයට පත් වූ පොලිස් කොස්තාපල් විමලරත්න මහතාගේ නිවස වෙත යාමට අද (26 දා) දහවල් වයඹ ටුඩේ ප්‍රවෘත්ති කණ්ඩායමකට හැකියාව ලැබිණි.

අති දුෂ්කර ගම්මානයක් වන ඊරියගොල්ල, කිතුල්ගොල්ල ගම්මානයේ පිහිටි ඒ මහතාගේ නිවස වෙත යාම සදහා විටින් විට ඇද හැලුණු වර්ෂාව සමග සටන් වදිමින්, කැඩී බිදී ගිය වළවල් සහ ලිස්සන සුළු කදු හා පල්ලම් ඔස්සේ වැටී ඇති අබලන් මාර්ගයක් මත පැය කිහිපයක අති දුෂ්කර ගමනක යෙදීමට ද අප කණ්ඩායමට සිදුවිය. අප එම නිවසට යනවිට විමලරත්න මහතාගේ දේහය නිවසට ගෙනැවිත් නොතිබුණු අතර, ඔහුගේ ජීවන සහකාරිය වූ කාන්ති නිල්මිණී මහත්මියගේ නිසල දේහය එහි තැන්පත් කර තිබිණි. වඩාත්ම සංවේදී දසුන වූයේ විමලරත්න මහතාගේ 14, 09 සහ 06 හැවිරිදි වියේ පසුවන දරු තිදෙනාය. මෙම දියණියන් දෙදෙනා සහ පුතුණුවන් , තමන් මව් සෙනෙහස සහ පිය සෙනෙහස දෙකම අහිමි දරුවන් බව හරිහැටි වටහාගැනීමට තරම්වත් හැකි තරමේ ලාබාල වියෙහි පසුවීම අතිශය දුක්ඛිත තත්වයකි. මෙම දරුවන් තිදෙනාම ඉගෙනීමට දස්කම් දක්වන බවත්, වැඩිමහල් දියණිය පහ වසර ශිෂ්‍යත්ව විභාගය ද උසස් ලෙස සමත් වූ බවද ඥාතීහු පැවසති.

කාන්ති නිල්මිණී මහත්මියද තරුණ සමයේදී පොලිස් නිලධාරිනියක ලෙස සේවය කර ඇති අතර එහිදී විමලරත්න මහතා සමග ඇති කරගත් ප්‍රේම සම්බන්ධතාවයක් මත දෙදෙනා විවාහ දිවියට එළැඹ තිබේ. පසුව මවක් ලෙස දරුවන්ට යුතුකම් තම නොපිරිහෙලා ඉටුකිරීමේ අරමුණ ඇතිව ඇය පොලිස් සේවයට සමු දී තිබේ. ත්‍රිරෝද රථයක ගමන්කරමින් සිටියදී එය පෙරලීමෙන් ඇති වූ අනතුරකින් 2014 වසරේදී තුවාල ලැබූ කාන්ති නිල්මිණී මහත්මිය එදින සිටම ආබාධිත තත්වයෙන් පසු වී ඇති අතර ඇයගේ සියලු ඇප උපස්ථාන කටයුතු සිදු වී ඇත්තේ විමලරත්න මහතාගේ අතිනි.

විමලරත්න මහතාගේ සහ කාන්ති නිල්මිණී මහත්මියගේ අතීත සැමරුම් මෙන්ම ඔහුගේ නිවසේ අද තත්වය දැක්වෙන වීඩියෝවක් පහත දැක්වෙයි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article