Friday, May 3, 2024

තම ලෙයින් උපන් බිළිදා ඝාතනය කළ මෘගයෙක් හක්කපටස් පුපුරුවාගෙන නසී.

Must read

bingiriya_child_murder_1

තම ලෙයින් උපන් සයමස් වියැති බිළිදෙකු කපා කොටා ඝාතනය කර යම් පුපුරන ද්‍රව්‍යයක ආධාරයෙන් සියදිවි හානිකරගත් මෘග පියෙකු පිළිබදව බිංගිරිය, ඉහල කඩිගමුව ප‍්‍රදේශයෙන් අද (30 දා ) පස්වරුවේ වාර්තාවිය.

මහියංගනයේ පිහිටි තම නිවසේ පදිංචියට යාම සදහා සිය බිරිදට කළ ආරාධනාවක් ඇය විසින් ප‍්‍රතික්‍ෂේප කිරීම හේතුවෙන් මෙම පුද්ගලයා විසින් මෙවැනි අපරාධයක් කර ඇති බව අනාවරණය වී තිබේ. මෙම පුද්ගලයා විසින් තියුණු පිහියකින් සිය බිරිදට පළමුව පහර දී ඇති අතර, එය වැළැක්වීමට පැමිණි බිරිදගේ මවට සහ පියාට ද එම පිහියෙන්ම පහර දී ඇති බව වාර්තා වෙයි. ඉන් අනතුරුව බිළිදා වෙත ගොස් ඇති මෙම පුද්ගලයා සිගිත්තාටද පිහි පහර එල්ල කර ඇති බව පොලිසිය කියයි. අනතුරුව ඔහු විසින් ගෙනැවිත් තිබූ හක්කපටස් බවට සැකකෙරෙන පුපුරන ද්‍රව්‍යයවක් සපා කා මරණයට පත් වී ඇති බව ද පොලිසිය කියයි.

පිහි පහරින් තුවාල ලැබූ හංසමාලා ධනංජනී නැමැති 24 හැවිරිදි කාන්තාව සහ ඇගේ පියා සහ මව කුලියාපිටිය මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ශල්‍යකර්මවලට ලක්කරනු ලැබීය.

අදාල සිදුවීමේ වීඩියෝ දර්ශණ පහත දැක්වෙයි.

කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර  / ඡායාරූප – දිනෙත් පණ්ඩිතරත්න

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article