spot_img
spot_img
Tuesday, July 14, 2026
spot_img
spot_img

තමන්ගෙම තැනක් – ලස්සන ජීවිතයක් , පුත්තලමේදී

Must read

“තමන්ගෙම තැනක් – ලස්සන ජීවිතයක්” ජාතික වැඩසටහනට සමගාමීව පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශවල ජීවත්වන අඩු ආදායම්ලාභී  පුද්ගලයින්ගේ නිවාස සිහිනය සෑබෑ කරලීමේ අරමුණෙන් නව නිවාස ඉදිකිරීමේ කටයුතු මේ දිනවල සිදුවේ.

මේ යටතේ පුත්තලම කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් සාලිය වැව, රණවරාපිටිය, පලුගස්සේගම, අලුත්ගම, පහරිය, පලිගම, එගෙඩපිටිය, කරුවලගස්වැව යන ගම්මාන වල තොරාගත් අඩු ආදායම්ලාභී පවුල් 10ක නිවාස ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරීම ඊයේ (12) දින පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

ග්‍රාම නිලධාරීන් ඇතුළු ගමේ නිලධාරීන්ගෙන් සැදුම්ලත් ග්‍රාමීය කමිටු මගින් තෝරාගනු ලබන අඩු ආදායම්ලාභී නිවාස අහිමි පවුල් ඒකක පිළිබඳව ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ නිර්දේශය ලැබුණු පවුල් මෙම නිවාස ප්‍රතිලාභීන් ලෙස සලකනු ලබන අතර එලෙස හඳුනා ගත් ග්‍රාමීය පවුල් සඳහා ඉදි කෙරෙන මෙම නිවාස අදාළ ප්‍රතිලාභීන් වෙත ලබා දීම කඩිනමි අවසන් කිරීමට නියමිත ය.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article