spot_img
Friday, March 6, 2026
spot_img

තොඩුවාව-ඉරණවිල පාලමේ ප්‍රමාදය ජනතාවගේ කණස්සල්ලට හේතුවේ

Must read

දිට්වා සුළි කුණාටුව නිසා තොඩුවාව සහ ඉරණවිල යා කරන ප්‍රධාන පාලම කොටස් දෙකකට කැඩී ගොස් මේ වනවිට මාස දෙකකට ආසන්න කාලයක් ගතවී ඇත. දිට්වා කුණාටුවේ බලපෑමෙන් ලංකාවේ විශාල ප්‍රමාණයක් පාලම් විනාශවූ අතර ජත්‍යන්තර ආධාර මත ඒවා ඉක්මණින් පිළිසකර කිරීමට රජයට හැකිවිය. ඒ අතර තවමත් වැඩ නිම නොවූ පාලම් ද වෙයි. මේ වනවිට ඉන්දියානු ආධාර මත තොඩුවාව – ඉරණවිල යා කරන ප්‍රධාන මාර්ගය නැවත ඉදිකිරීම දෙසැම්බර් 08 ආරම්භ වූ අතර යම් තාක්ෂණික හේතුවක් නිසා මේ වන විට පාලමේ ඉදිකිරී්ම් ප්‍රමාද වෙමන් පවතී. මේම ප්‍රමාදය නිසා ඉරණවිල – තොඩුවව යන ප්‍රෙද්ශ වල සාමාන්‍ය ජන ජීවිතය තුළ විශාල ප්‍රශ්න රාශියක් ඇතිකරමින් තිබෙන අතර එම නිසා මෙම පාලම ඉතාම කඩිනමින් සාදා නිමකරගැනීම ජනතා අභිලාශයයි.

තොඩුවාව – ඉරණවිල පාලම හරහා එම ප්‍රෙද්ශයේ ජනතාව පමණක් නොව කොළඹ-මිගමුව යන ප්‍රෙද්ශ වල සිට හලාවත පුත්තලම දක්වා ගමන් කරන ජනතාව විකල්ප මාර්ගයක් ලෙසද පාවිච්චි කරයි. හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගයේ ඇති තදබදයෙන් මිදී හලාවත දක්වා ගමන් කිරීමට මෙම තොඩුවාව -ඉරණවිල මාර්ගය බෙහෝ අවස්ථාවන් හිදී භාවිතා වේ. මීගමුව බන්ධනාගාරයේ සිරකරුවන් රැගෙන යන බන්ධනාගාර රථය ගමන් කරන්නේද මෙම මාර්ග යේයි.


බරුදැල්පොල,තලවිල,තොඩුවාව ගම්මාන වල වෙරළාසන්නව ජීවත් වන ජනතාවගේ දරුවන් අධ්‍යාපනය සදහා මහවැව – තොඩුවාව මහ විදුහලට පැමිණෙන්නේ මෙම මාර්ගය හරහායි. එමෙන්ම තොඩුවාව දෙස සිට හලාවත ප්‍රධාන රෝහලට එම ප්‍රෙද්ශයේ ජනතාව ගමන් කරන්නේ ද මෙම පාලම හරහායි. එයට අමතරව ධීවර රැකියාවට අමතරව මේසන් රැකියාව-වඩු කාර්මිකයින් මෙම පාලම සිය දෛනික රැකියා සදහා භාවිතා කරති.

මේ වනවිට මෙම පාලම නිසා දෙකඩ වී ඇති ප්‍රෙද්ශ වෙත ගමන් කරන්නට බෝට්ටු මගින් ජනතාවට පහසුකම් සපයා දෙමින් දිනපතතා මෙම බෝට්ටු සේවය සිදුවේ. මේ සදහා ගමන් කරන මගී ජනතාවට යම් මුදලක් වැය කිරීමට සිදුව තිබේ. ප්‍රෙද්ශයේ වාර්තා වන පරිදි අය කිරීම් මෙසේයි.

එක් පුද්ගලයෙකුට එක් ගමන් වාරක් සදහා මුදල රු 200ක් වන අතර වාහන වලින් ගමන් කරන අය සිය වාහනය ගෙන යාමට වෙනම ගෙවිය යුතුය.

2 ත්‍රීවීල් රථයක් ගෙන යාමට ක් වාරයතට රු 300
3 යතුරු පැදි සදහා එක් වාරයකට රු 250

4 පා පැදියක එක ගමන් වාරයකට රු 200යි

මෙම අයකිරීම අනුව දිනපතා සේවයට හෝ කිසියම් රාජකාරියකට මේ හරහා ගමන් කරන ජනතාවට මේ වනවිට විශාල මුදල් වැයකිරීමක් සිදුකිරීමට සිදුවී තිබේ. ඒ බැවින් කන්ඩායම් ලෙස ගමන් කිරීම බෙහෝ සේ අඩුවී ඇති අතර අත්‍යඅවශ්‍ය සේවා සදහා යා යුතු ගමන් මෙම බෝට්ටු සේවා හරහා සිදුකරනු ලබයි. උදේ වේලාවන්හිදි මෙම බෝට්ටු හරහා ගමන් කරන ජනතාවට බොහෝ අවස්ථාවල ප්‍රමාද වීමද සිදුවන බව ජනතාව පවසති. මෙම ගැටලුව නිසා මහත්පීඩාවට පත්ව ඇති -අඹකදවිල-ඉරණවිල තොඩුවාව -බරුදැල්පොල -තල්විල ආදී ගම්වල ජනතාවට කඩිනමින් මෙම පාලම සකස් කරන ලෙස ජනතාව ඉල්ලා සිටිති.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article