spot_img
spot_img
Friday, June 5, 2026
spot_img
spot_img

ලංකා මුහදේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවර යාත්‍රා 04ක් නාවික හමුදා භාරයට

Must read

දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා 04ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව 2026 පෙබරවාරි මස 18 වැනි දින රාත්‍රී කාලයේ, මන්නාරම උතුර සහ යාපනය ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රා හතරක් (04) සමඟ ඉන්දීය ධීවරයින් විසි දෙදෙනෙකු (22) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

විදේශීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරනු ලබන නිතී විරෝධි ධීවර කටයුතු වැලැක්විම සහ දේශීය ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය රැකදීම සඳහා නීති විරෝධි ධිවර කටයුතු මඟින් සිදුවන අහිතකර බැලපෑම හඳුනා ගනිමින්, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව එම නීති විරෝධී ක්‍රියාකාරකම් වැළැක්වීම වෙනුවෙන් නිරන්තර මෙහෙයුම් සිදුකරනු ලබන අතර, ඒ තුළින් ශ්‍රී ලංකාවේ සමුද්‍රීය පරිසර පද්ධති ආරක්‍ෂා කිරීම සහ ධීවර ප්‍රජාවගේ ආර්ථික සුරක්‍ෂිතතාවය හා සුභසිද්ධිය වෙනුවෙන් වන සාමූහික හා ශක්තිමත් ප්‍රවේශය මෙන්ම ස්ථිර කැපවීමද අවධාරණය කෙරේ.

ඒ අනුව, 2026 පෙබරවාරි මස 18 වැනි දින රාත්‍රී කාලයේ, මන්නාරම උතුරු මුහුදු ප්‍රදේශයේ සහ යාපනය ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ දේශීය ජල තීරයට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා කිහිපයක් උතුරු මැද සහ උතුරු නාවික විධාන මඟින් නිරීක්‍ෂණය කර, එම ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඉවත් කිරීමේ විශේෂ මෙහෙයුමක්, එම නාවික විධානයන්ට අනුයුක්ත නාවික හමුදා යාත්‍රා යොදවා සිදු කෙරිණි. එහිදී, දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදුකරමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රා හතරක් (04) වෙත, ශ්‍රී ලංකා නාවික හමුදාව නීත්‍යානුකූලව ගොඩවී පරීක්‍ෂා කළ අතර, දේශසීමා නීති උල්ලංඝනය කරමින් නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුනු එම ඉන්දීය ධීවර යාත්‍රා හතර (04) සමඟ ඉන්දීය ධීවරයින් විසි දෙදෙනෙකු (22)  මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුම් මඟින් මන්නාරම උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රා දෙක (02) සහ එහි සිටි ඉන්දීය ධීවරයින් දසදෙනා (10) ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙතත්, යාපනය ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේදී නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රා දෙක (02) සහ එහි සිටි ඉන්දීය ධීවරයින් දොළොස්දෙනා (12) ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය මයිලඩි ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙතත් භාරදීමට නියමිතව ඇත.

https://navy.lk

https://navy.lk

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article