දිය නෑම සදහා යැයි පවසා කැදවාගෙන ගොස් වයස අවුරුදු 07 යි මාස 03 ක් වන ඥාති දැරිවියකට ලිංගික අතවර සිදු කළ බව කියන සැකකරුවෙකුව හලාවත මහේස්ත්‍රාත්වරයා විසින් ලබන මස 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. මෙම සිදුවීම සිදුවී ඇත්තේ පසුගිය 24 වනදා වන අතර අතවර කර ඇති පුද්ගලයා කාක්කපල්ලිය – වාලහේන ප්‍රදේශයේ කොහු මෝලක සේවකයෙකි.
අතවරයට පත්ව ඇති දැරිවියගේ මව්පියන්ද එම කොහු මෝලේම සේවය කරන බව පොලීසිය සදහන් කරයි. ඉකුත් 24 වැනිදා සවස් කාලයේ දැරිවිය සහ ඇයගේ සොහොයුරාව සැකකරු විසින් ඔවුන් පදිංචි කොහු මෝල ආසන්නයේ ඇති වෙළද සැළක් වෙත යාමට යැයි පවසා කැදවා ගෙ ගොස් ඇත.නැවත නිවසට පිරිමි දරුවා පමණක් පැමිණීම හේතුවෙන් දැරිවිය සම්බන්ධයෙන් ඇයගේ මව විසින් සොයා බලා ඇත.
තම දියණිය නිවස ආසන්නයේ ඇති ඇල මාර්ගයක් ආසන්නයේ අඩ නිරුවතින් සිටිනවා දැක ඇති දැරිවියගේ මව ඒ සම්බන්ධයෙන් විමසා ඇත.සැකකරු විසින් තමන්ට සිදු කළ අතවරය පිළිබදව දැරිවිය එම අවස්ථාවේදී මවට පවසා ඇත.එවිට සැකකරු පලා යාමට උත්සාහ කර ඇත.නමුත් අවට සිටි අය විසින් සැකකරුව අල්ලා ගෙන පසුව මාදම්පේ පොලීසියට බාර දීමට කටයුතු කර ඇත. අතවරයට පත්ව ඇති දැරිවිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා හලාවත මහා රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කර ඇත.
මාදම්පේ පොලීසිය වැඩිදුර විමර්ශණ කරගෙන යයි.







