spot_img
spot_img
Friday, June 5, 2026
spot_img
spot_img

දුම්රිය හරස් මාර්ග අනතුරුදායකයි. ප්‍රවේශමෙන් පරිහරණය කරන්න ! (ජීවිත සුරකින සිහිකැදවීමකි)

Must read

danger_markතමන් දුම්රිය දෙපාර්තමේන්තුවට අනුයුක්ත කර ගන්නා ලෙස ඉල්ලමින් දිවයින පුරා පිහිටි අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගවල ගේට්ටු ක්‍රියාකරුවන් විසින් ආරම්භ කර ඇති වැඩවර්ජනය අද දිනයේදීත් ක්‍රියාත්මක වෙමින් තිබේ.

මේ හේතුවෙන් දිවයින පුරා පිහිටි දුම්රිය හරස් මාර්ග 687 කට වැඩි ප්‍රමාණයක් මේ වන විට දැඩි අනාරක්ෂිත තත්වයකට පත් වී ඇති බැවින් ගමන් බිමන් බහුලව සිදුවන මේ අලුත් අවුරුදු සමයේදී ඒ පිළිබදව සැලකිලිමත් වන ලෙසට වයඹ ටුඩේ වෙබ් අඩවිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

පොලිස් දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක මෙම අනාරක්ෂිත දුම්රිය ගේට්ටු ආරක්ෂක සේවයේ 2,061ක් දෙනෙකු පමණසේවයේ යෙදෙන බවත්, පොලිස් දෙපාර්තමේන්තුව විසින් තමන් වෙත දෛනික වැටුප ලෙස ගෙවන්නේ රුපියල් 250 ක් පමණක් බවත් වර්ජනයේ නියුතු ගේට්ටු ක්‍රියාකරුවෝ කියති.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article