Monday, May 6, 2024

දොඩම්ගස්ලන්ද එජාප සංවිධායක පැත්ත මාරුකරයි !

Must read

udayanga_crossover_3

දොඩම්ගස්ලන්ද මැතිවරණ කොට්ඨාශයේ එක්සත් ජාතික පක්ෂ සම සංවිධායකවරයා ලෙස කටයුතු කරමින් සිටි නුවන් උදයංග මහතා අද (09 දා) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් වී ඇති බව වයඹ ටුඩේ වෙත වාර්තා වෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වූ නුවන් උදයංග මහතාට දොඩම්ගස්ලන්ද මැතිවරණ කොට්ඨාශයේ ශ්‍රීලනිප සංවිධායක ධූරයද එරම පක්ෂය විසින් පිරිනමා ඇති බවද වාර්තා වෙයි. එම තනතුර මේ දක්වා හොබවනු ලැබුවේ නිමල් විජේසිංහ මහතා විසිනි.

දොඩම්ගස්ලන්ද මැතිවරණ කොට්ඨාශයේ එජාප පක්ෂ සම සංවිධායකවරයෙකු ලෙස 2017 ඔක්තෝම්බර් මාසයේදී පත්වීම් ලබාගත් නුවන් උදයංග මහතා එම තනතුරෙහි රැදී සිටියේ මාස දහයක පමණ කෙටි කාලයක් පමණක්වීම විශේෂත්වයක් වෙයි. ඒ මහතා ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී පිහිඹුව කොට්ඨාශය යටතේ රිදීගම ප්‍රාදේශිය සභාවට තරග කළ නමුත් ඔහුට එම කොට්ඨාශය ජයග්‍රහණය කිරීමට නොහැකි විය.

නුවන් උදයංග මහතා දොඩම්ගස්ලන්ද එක්සත් ජාතික පක්ෂ සම සංවිධායකවරයෙකු ලෙස පත්කිරීමත් සමග එම තනතුරේ එතෙක් කටයුතු කළ වයඹ පළාත් සභා මන්ත්‍රී එම්. එස්. පෙරේරා මහතා සහ ඔහු අතර නිරන්තර ගැටුමක් හටගත් බව ප්‍රකට රහසකි. අවස්ථා ගණනාවක එළිපිට ගැටුමක් බවට පත් වූ දෙදෙනාගේ ආරවුල දැනට සති කිහිපයකට පෙරදී එකිනෙකාගේ කටවුට්වලට කලුතෙල් ගසාගැනීමේ සංග්‍රාමයක් දක්වා වර්ධනය වී තිබූ අයුරු ද දැකගත හැකිවිය.

udayanga_crossover_1

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article