Monday, May 6, 2024

කුරුණෑගල ඉතිරිකිරීමේ බැංකුව කොල්ලකෑමේ තැත වරදී !

Must read

nsb_1

කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි රාජ්‍ය බැංකු ශාඛාවකට ඇතුලු වී මුදල් කොල්ලකෑමට උත්සාහ කළ බව කියන කොල්ලකරුවෙකු, සේප්පුවේ ආරක්ෂක පද්ධතිය ක්‍රියාත්මකවීම හේතුවෙන් කුරුණෑගල පොලිසිය විසින් ඊයේ  (07 දා) රාත්‍රියේදී අත්අඩංගුවට ගනු ලැබීය.

මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ කුරුණෑගල, වැහැර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

කුරුණෑගල – මහනුවර මාර්ගයේ, කුරුණෑගල අධිකරණ සංකීර්ණයට මුහුණපා පිහිටි මෙම රාජ්‍ය බැංකු ශාඛාව වෙත පැමිණ ඇති සැකකරු රාත්‍රි 11.45 ට පමණ බැංකුවේ ඉදිරිපස දොරටුවට යොදා ඇති වීදුරුවක් කපා එතැනින් බැංකුවට ඇතුලු වී තිබේ. බැංකුව තුළ ඇති තවත් වීදුරු දොරක් කපා දැමීමෙන් පසුව බැංකු ශාඛාවේ උඩුමහලේ ඇති මුදල් සේප්පුව වෙත ගොස් ඇති සැකකරු එය බිදීමට උත්සාහ කිරීමේදී එහි ආරක්ෂක පද්ධතිය සක්‍රිය වී තිබේ.

අදාල ආරක්ෂක පද්ධතියෙන් නිකුත් වූ අනතුරු ඇගවීමේ සංඥාවන්ට අනුව වහා ක්‍රියාත්මකවී ඇති කුරුණෑගල මූලස්ථාන පොලිසියේ රාත්‍රි රාජකාරිවල නිරත නිලධාරින් විසින් කඩිනමින් අදාල බැංකු ශාඛාව වෙත පැමිණ තිබේ. සේප්පුවේ ආරක්ෂක පද්ධතිය ක්‍රියාත්මකවීමත් සමග කලබලයට පත් කොල්ලකරු, ඔහු බැංකුවට ඇතුලු වූ වීදුරු කවුලුවලින්ම බැංකු ශාඛාවෙන් පිටවීමට උත්සාහ දරා ඇති අතර, එහිදී කොල්ලකරුගේ අතක් ද වීදුරුවකට කැපී ගොස් තිබේ.

බැංකුවෙන් පිටතට පැමිණ තුවාල සහිතව පලායමින් සිටි කොල්ලකරු හඹාගිය ‍පොලිස් නිලධාරින් විසින් කුරුණෑගල ඉම්පීරියල් සිනමා ශාලාව ආසන්නයේදී ඔහුව මෙල්ල කරගැනීමෙන් පසුව අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුට බැංකුව තුළ තිබූ මුදල් හෝ වෙනත් භාණ්ඩ කිසිවක් සොරාගැනීමට නොහැකිවී ඇති බව පොලිසිය කියයි.

අදාල සේප්පුවට යොදා ඇති දියුණු ආරක්ෂක පද්ධතිය හේතුවෙන් එම බැංකු ශාඛාව තුළ ආරක්ෂක නිලධාරින් රාත්‍රි රාජකාරිවල නොයෙදෙන බවද වාර්තා වෙයි. කුරුණෑගල මූලස්ථාන පොලිසිය මෙම කොල්ලකෑමේ තැත පිළිබදව වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

කොල්ලකෑමට උත්සාහ කළ බැංකු ශාඛාව

nsb_1

පොලිස් නිලධාරින් පරීක්ෂණ සිදුකරමින්

nsb_2 nsb_4

සැකකරු විසින් වීදුරු දොර කපා ඇති අයුරු

nsb_3

සැකකරුගේ අත කැපීම නිසා ලේ බිංදු වැටී තිබූ අයුරු

nsb_5

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article