Monday, May 6, 2024

ඉන්ධන මිලට එරෙහිව මහජන පක්ෂ මන්ත්‍රී මාවතගම සභාවේ වහළයට නගී !

Must read

mawatagama_fuel_protest

ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළකරමින්, මාවතගම ප්‍රාදේශීය සභාව නියෝජනය කරන ශ්‍රී ලංකා මහජන පක්ෂ මන්ත්‍රී අජිත් සෝමකුමාර මහතා අද ( 11 දා) එම ප්‍රාදේශීය සභාවේ පරිපාලන ගොඩනැගිල්ලේ වහලයට නැගී විරෝධතාවයක යෙදිණි.

ඒ අද පැවැති මාවතගම ප්‍රාදේශීය සභාවේ විශේෂ සභා සැසිවාරය අවසන්වීමෙන් පසුවය. බැනරයක් ද ප්‍රදර්ශණය කරමින් විනාඩි විස්සක පමණ කාලයක් මන්ත්‍රීවරයා වහළය මත රැදී සිටියේය. වහළයට නැගුණු අජිත් සෝමකුමාර මහතා, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් විසින් හූ කියමින් සහ උසුළු විසුළු කරමින් හාස්‍යයට ලක්කළ අයුරු ද දැකගත හැකිවිය.

අජිත් සෝමකුමාර මහතා වහළයට නැගීමට යොදාගත් ගත් ඉණිමග එජාප මන්ත්‍රීවරයෙකු විසින් එම ස්ථානයෙන් ඉවත්කර සැගවීම හේතුවෙන් විරෝධය අවසන් කළ මන්ත්‍රීවරයාට බිමට බැසීම සදහා වහළයේ සිට මහ පොළවට පැනීමට සිදුවිය.

mawatagama_fuel_protest

mawatagama_fuel_protest_2

mawatagama_fuel_protest_3

mawatagama_fuel_protest_5

mawatagama_fuel_protest_4

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article