Monday, May 6, 2024

රාජකාරි වේලාවේ කසිප්පු විකුණද්දී උඩුගම තැපැල් ස්ථානාධිපති මාට්ටු !

Must read

udugama_post_master

රාජකාරි වේලාවේදී නීතිවිරෝධී මත්පැන් විකිණිමේ යෙදී සිටි බව කියන වීරඹුගෙදර, උඩගම උප තැපැල් ස්ථානයේ ස්ථානාධිපතිවරයා කසිප්පු සහ පෙරීම් උපකරණ තොගයක්ද සමග වීරඹුගෙදර පොලිසිය මගින් පසුගිය 07 වැනිදා අත්අඩංගුවට ගනු ලැබීය.

එදින උදෑසන රාජකාරියට වාර්තා කර ඇති අදාල උප තැපැල් ස්ථානාධිපතිවරයා දිවා ආහාර විවේකයේදී ඊට නුදුරින් පිහිටි සිය නිවසේදී කසිප්පු විකුණමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. සැකකාර උප තැපැල් ස්ථානාධිපතිවරයාගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී ඔහු විසින්ම නිවසේදී කසිප්පු නිෂ්පාදනය කරන බවත්, නිවසට පැමිණෙන ගැනුම්කරුවන්ට ඒවා පසුව අලෙවිකරන බවත් අනාවරණය වී තිබේ. ඒ අනුව සැකකරු විසින් නිෂ්පාදනය කර තිබූ කසිප්පු බෝතල් අටක් සහ ඒවා නිෂ්පාදනයට යොදාගත් බව කියන පෙරුම් උපකරණ තොගයක්ද පොලිසිය විසින් ඔහුගේ නිවසේ සගවා තිබියදී අත්අඩංගුවට ගනු ලැබීය.

නීතිවිරෝධි මත්පැන් නිෂ්පාදනය කිරීම සහ ජාවාරම් කිරීම යන චෝදනා මත සැකකාර උප තැපැල් ස්ථානයේ ස්ථානාධිපතිවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වීරඹුගෙදර පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජගත් බණ්ඩාර මහතාගේ උපදෙස් මත, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. වසන්ත, පොලිස් සැරයන් දයානන්ද (20217 ) සහ පොලිස් කොස්තාපල් දිසානායක ( 4518 ) යන නිලධාරිහු සැකකරු අත්අඩංගුවට ගත්හ.

(ප්‍රවෘත්තිය සදහා යොදාගෙන ඇති ඉහත ඡායාරූප මෙම සිදුවීමට අදාළ ඡායාරූප නොවන අතර ප්‍රවෘත්තිය අර්ථවත් කිරීමේ අරමුණින් යොදාගෙන ඇති අන්තර්ජාල නිරූපනයක් පමණක් බව කරුණාවෙන් සලකන්න )

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article