Sunday, May 19, 2024

නාමල්අංග විදුහල්පතිනියට එරෙහි විරෝධයකින් විවෘත කිරීමේ උත්සවයත් හබක් !

Must read

මැල්සිරිපුර, නාමල්අංග මහා විද්‍යාලයේ වත්මන් විදුහල්පතිවරිය එම තනතුරින් ඉවත්කර වෙනත් විදුහල්පතිවරයෙකු පාසලට ලබාදෙන ලෙස ඉල්ලමින් එම විදුහලේ ඉගෙනුම ලබන සිසු සිසුවියන්ගේ මව්පියන් පිරිසක් අද (08 දා ) එම විදුහල ඉදිරිපිටදී විරෝධතාවයක යෙදීම හේතුවෙන් විද්‍යාලය තුළ සංවිධානය කර තිබූ විවෘත කිරීමේ උත්සවයක්ද අවලංගු කර දැමීමට සිදුවිය.

නාමල්අංග මහා විද්‍යාලයෙහි ඉදි කළ නව තෙමහල් ගොඩනැගිල්ලේ බිම් මහල විවෘත කිරීම සදහා අද දහවල් එම විද්‍යාලයේදී උත්සවයක් සංවිධානය කර තිබූ අතර ඊට වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍ය සන්ධ්‍ය රාජපක්ෂ මහතා ඇතුඵ අධ්‍යාපන බලධාරීන් පිරිසක් සහභාගීවීමට නියමිතව සිටියහ. උත්සවය ආරම්භවීමට පෙර විද්‍යාලය ඉදිරිපිටට රැස් වූ එම විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසු සිසුවියන්ගේ මව්පියන් සහ ආදි ශිෂ්‍යයින් බව කියන සියයකට අධික පිරිසක් විරෝධතා වැකි ලියූ පුවරුද ප‍්‍රදර්ශණය කරමින් විද්‍යාලය ඉදිරිපිට විරෝධතාවයක් ආරම්භ කළහ.

එහිදී වයඹ ටුඩේ වෙබ් අඩවියටඅදහස් දැක් වූ නාමල්අංග මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති නිශාන්ත කරුණාරත්න මහතා මෙසේ පැවැසීය.

‘‘ගුරු දෙගුරු සමිතිය කැදවලා ගත්තු තීන්දු තීරණවලට පවා පටහැනිව විදුහල්පතිතුමිය විසින් විද්‍යාලයේ මේ වෙනකොට යම් යම් කටයුතු කරමින් ඉන්නවා. දෙමව්පියන් සහ ආදි ශිෂ්‍යයින් තලලා පෙළලා පීඩාවට ලක්කරන ඒකාධිපති පාලනයක් තමයි විදුහල්පතිතුමිය විසින් අරගෙන යන්නේ. ඊට අමතරව මූල්‍ය වංචාවන් කිහිපයක් ගැනත් එතුමියට චෝදනා එල්ල වුණා. අපි ඒ ගැන ගුරු දෙගුරු සමිතියේදී ප‍්‍රශ්න කළාම ඒවාට උත්තර දෙන්න එතුමිය අසමත් වුනා. නාමල්අංග මහා විද්‍යාලයේ කලින් හිටපු විදුහල්පති ස්වාමීන් වහන්සේ විසින්් විද්‍යාලයට ගෙනාව දියුණුව මේ වෙනකොට සම්පූර්ණයෙන්ම කඩාවැටිලා තියෙනවා. ඒ නිසා අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ විදුහල්පතිතුමිය විද්‍යාලයෙන් ඉවත්කරලා වෙනත් සුදුසු විදුහල්පතිවරයෙක් පාසලට දෙන්න කියලයි. ’’ යැයි පැවැසීය.

කෙසේවෙතත් මව්පියන්ගේ විරෝධතාවය හේතුවෙන් අදාළ විවෘත කිරීමේ උත්සවය අවලංගු කර දැමීමට වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍ය සන්ධ්‍ය රාජපක්ෂ මහතා විසින් කටයුතු කර තිබිණි. දෙමව්පියන් විසින් නගන චෝදනා පිළිබදව නාමල්අංග මහා විද්‍යාලයේ වත්මන් විදුහල්පතිනි නන්දා අමරසිංහ මහත්මියගෙන්  කළ විමසීකදී පැවසුවේ තමන් අතින් කිසිදු වරදක් සිදු වී නොමැති බවත්, අදාළ විවෘත කිරීමේ උත්සවයට දේශපාලනඥයින්ට ආරාධනා කිරීමට යාමේදී මව්පියන් අතර ඇති වූ දෙපිල බෙදීමක් මෙම තත්වයට හේතු වූ බවය. තමන් අසනීප තත්වයෙන් රෝහල් ගතවී සිටින බැවින් වැඩිදුර තොරතුරු සදහා ඉබ්බාගමුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය අමතන ලෙසටද ඕ වැඩිදුරටත් කීවාය.

namallanga_protest5 namallanga_protest6 namallanga_protest4 namallanga_protest3 namallanga_protest2 namallanga_protest7 namallanga_protest1



- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article