Tuesday, May 7, 2024

බස් මරුවෙක් ඕමාරගොල්ලේදී වැඩ පෙන්වයි. අයෙක් මරා පහළොවක් රෝහලට යවයි !

Must read

ඇඹිලිපිටියේ සිට වව්නියාව බලා ධාවනය වෙමින් තිබු පෞද්ගලික මගී ප‍්‍රවාහන බස් රථයක් මැල්සිරිපුර, ඕමාරගොල්ල ප‍්‍රදේශයේදී යතුරුපැදිකරුවෙකුද යටකරගෙන මාර්ගයෙන් ඉවතට පැන මාර ගසක ගැටීම හේතුවෙන් යතුරුපැදිකරු මියගොස් බස් රථයේ ගමන් කරමින් සිටි මගීහු 15කට වැඩි පිරිසක් අද පස්වරුවේ තුවාල ලැබූහ.

බස්රථය හා යතුරුපැදිය එකම දිශාවට ධාවනය වී ඇති අතර යතුරුපැදිකරු මාර්ගයේ අනෙක් පසට හැරවීමට උත්සාහ කිරීමේදී ඊට පසුපසින් පැමිණි බස් රථය යතුරුපැදිකරුද යටකරගෙන ඉදිරියට ධාවනය වී ඇතැයි මූලික පොලිස් විමර්ශනවලදී හෙළි වී තිබේ. එම අවස්ථාවේදී බස්රථ රියදුරුට වේගය පාලනය කරගැනීමට නොහැකිවීමෙන් බස් රථය මාර්ගයෙන් ඉවතට පැන කාණුවකටද පෙරළීමෙන් පසුව මාර්ගය අයිනේ ඇති මාර ගසක ගැටි නතර වී ඇතැයි පොලිසිය කියයි.

බස්රථය පෙරළීයාමත් සමග වහා ක්‍රියාත්මක වූ ගම්වාසීන් විසින් එතුළ සිර වී සිටි තුවාලකරුවන් සහ මගීහු පිටතට ගෙන ගලේවෙල දිසා රෝහලට ඇතුලත් කිරිමට පියවර ගෙන තිබේ. එලෙස රෝහල්ගත කළ තිදෙනෙකුගේ තත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග කිය‍යි. අනතුරට ලක් වූ බස්රථයේ බදෙහි ඉහල කොටස දෙකට මැදින් කැඩි ගොස් ඇති අයුරු දැකගත හැකි විය.

අනතුර සම්බන්ධයෙන් බස් රථ රියදුරු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර ගලේවෙල පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක නලින් දිල්රුක් මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක බණ්ඩාර, උප පොලිස් පරීක්ෂක අබේරත්න , උප පොලිස් පරීක්ෂක මහින්ද මහත්වරුන් වැඩිදුර විමර්ශන සිදු කරයි

ගලේවෙල මොහොමඞ් බුහාර්ඩීන්

omaragolla_ accident2 omaragolla_ accident4 omaragolla_ accident3 omaragolla_ accident5 omaragolla_ accident1

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article