Saturday, May 4, 2024

නිවාඩුවට ඇවිත් කුඩු බිස්නස් කළ ගුවන් හමුදා සැරයන් මාට්ටු.

Must read

giriulla_heroineනිවාඩු ලබා නිවසට පැමිණෙන අවස්ථාවලදී හෙරොයින් රැගෙනවිත් අලෙවිකිරීමේ ජාවාරමක යෙදුණු බව කියන ගුවන් හමුදා සැරයන්වරයෙකු හෙරොයින් තොගයක්ද සමග අත්අඩංගුවට ගත් බව ගිරිඋල්ල පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගැනුණේ ගිරිඋල්ල, මොහොත්තව, නාරංගොඩ ප‍්‍රදේශයේ පදිංචි අයෙකි.

සැකකාර ගුවන් හමුදා සැරයන්වරයා පිළිබදව ලැබී තිබූ පැමිණිලි ගණනාවක් පිළිබදව පරීක්ෂණ ආරම්භ කළ පොලිසිය හෙරොයින් මිලදීගැනීමට යෙදවූ උපාය දූතයෙකු මාර්ගයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගැනුණ සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 22 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකරනලෙසට කුලියාපිටිය මහේස්ත‍්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා නියම කළේය.

ගිරිඋල්ල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ප‍්‍රසාද් මදනායක මහතාගේ උපදෙස් මත වැටලීම සිදුකර සැකකරු හා හෙරොයින් තොගය අත්අඩංගුවට ගෙන තිබිණ.

කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර

(ප්‍රවෘත්තිය සදහා යොදාගෙන ඇති  ඉහත ඡායාරූපය මෙම සිදුවීමට අදාළ ඡායාරූපයක් නොවන අතර ප්‍රවෘත්තිය අර්ථවත් කිරීමේ අරමුණින් යොදාගෙන ඇති අන්තර්ජාල නිරූපනයක් පමණක් බව කරුණාවෙන් සලකන්න )

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article