Friday, May 17, 2024

පණ පිටින් ඉන්නා මහින්ද ‘මිය ගිය‘ කළාට වයඹ අධ්‍යාපන ඇමැති ඉල්ලා අස්විය යුතුයි !

Must read

Omalpe-Sobithaවයඹ පළාතේ පාසල්වල පළමු වාර විභාගය යටතේ 10 වැනි ශ්‍රේණියේ සිසුන්ට ලබා දී ඇති බුද්ධ ධර්මය බහුවරණ ප‍්‍රශ්න පත‍්‍රය බුදු දහමට මෙන්ම මෙරට ඉතිහාසයටම කළ නිගාවක් බවත්, එහි වගකීම භාරගෙන වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍ය සන්ධ්‍ය කුමාර රාජපක්ෂ මහතා අමාත්‍ය ධූරයෙන් ඉවත් විය යුතු බව ජාතික හෙළ උරුමයේ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් රිවිර පුවත්පතට ප්‍රකාශ කර තිබේ.

එම ප්‍රශ්න පත්‍රෙයහි 20 වැනි ප්‍රශ්නය සදහා දැනට ජීවත් වී සිටින මහින්ද රාජපක්ෂ මහතාගේ නම ඊට ඇතුළත් කිරීම ඔහුට කළ අගෞරවයක් බවද සෝභිත හිමියන් ප්‍රකාශකර තිබේ.

අදාළ ප්‍රශ්නය බරපතල උපහාසයක් මතු කරනවා මෙන්ම බෞද්ධ විරෝධී සහ සමාජ විරෝධී ප්‍රශ්නයක් වන බැවින් අදාළ ප්‍රශ්න පත්‍රය සකස් කළ, කියවා බැලූ සහ සෝදුපත් බැලූ සියලු නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් ඕමල්පේ සෝභිත හිමියන් ප්‍රකාශ කර තිබේ.

රිවිර පුවත්පත ඇසුරිනි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article