Sunday, May 19, 2024

පරිසර ඇමතිවරයා නින්දෙන් ඇහැරෙයි – පරිසර නිලධාරීන්ගේ රාජකාරි ගැන සොයා බලන්නට මධ්‍යම පරිසර අධිකාරියට නියෝග දෙයි

Must read

image_c687156f71
ඡායාරූපය උපුටාගැනීම – ලංකාදීප

(11.55am)   පුත්තලම් දිස්ත්‍රික්කයේ සිදුවන වන විනාශය,පරිසර විනාශය ගැන පසුගිය මාස කීපයක සිට පරිසර සංවිධාන සහ මාධ්‍ය හෙලිදරව්කිරිම් ගණනාවක් සිදුකරන ලදී. මුලතිව් වනාන්තරයේ නීති විරෝධි තේක්ක ගස් කැපීමක් වාර්තා කරන්නට ගිය මාධ්‍යවේදීන් දෙදෙනෙකුට ඔක්තෝම්බර් 12 වනදා මැරයින් විසින් පහරදිමක් සිදුකරන ලදී. මේ කිසිවකින්වත් නීති විරෝධී පරිසර විනාශයන් නවතින ලකුණක් නැත. වනාන්තර කපන්නන් අත්අඩංගුවට ගත්නේ නැත.  මේවාට වගකිවයුතු යුතු අපරාධ ජාලයට රාජ්‍ය නිලධාරීන්ද ඇතුලුව ආරක්ෂක අංශද දේශපාලකයින්ද සම්බන්ධ බව ප්‍රසිද්ධ රහසකි. මෙය නැවැත්වීමේ යාන්ත්‍රනය ක්‍රියාත්මක කළ නොහැක්කේ එබැවිනි.

මුන්දලම විරුත්තෝඩේ පුලිදිවාල් හි පිහිටි අක්කර 02ක පමණ භූමියක පිහිිට කඩොලාන පද්ධතිය විනාශ කිරීම සම්බන්ධ හෙලදරව්වක් ඊයේ  (05)   පරිසර සංවිධාන විසින් සිදුකරන ලදී.   මෙම කඩොලාන වසර 100කට ආසන්න පැරණි කඩොලාන රක්ෂීත භුමියක් බවත්  ලුණු ටැංකි සැකසිම සදහා වනසා ඇති බව පරිසර සංවිධාන විසින් චෝදනා කර සිටියි. මෙම කඩොලාන පරිසර පද්ධතිය   මුන්දලම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් පුලිදිවාසල් ග්‍රාම නිළධාරි වසමේ පුත්තලම කලපු තීරයේ පිහිටා තිබේ.  නීති විරෝධි ලෙස ලුණු ලේවායක් සැකසීම සදහා මෙම පරිසරය වනසා ඇති බව පරිසර සංවිධාන චෝදනා කරති.
මේ සම්බන්ධයෙන්  සොයාබැලීමක් සිදුකරන  ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා   පුත්තලම පොලිස් ස්ථානයේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට දුරකථනයෙන් දැනුම් දී ඇති අතර මේ වනතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැත.

මේ වනවිට පුත්තලම දිස්ත්‍රික්කයේ ඇතැම් පුද්ගලයින් විසින් වරින් වර සිදු කරනු ලබන පරිසර හානි කිරීම් සම්බන්ධව වාර්තා වන අතර ප්‍රාදේශීය ලේකම් වරු, ග්‍රාම නිලධාරින්, ගොවිජන සංවර්ධන නිලධාරින්, පරිසර නිලධාරින්, සංවර්ධන නිලධාරින් ඇතුළු නිලධාරින් විශාල පිරිසක් ප්‍රාදේශීය සේවාවන් හි නිරතව සිටිය දී මෙවැනි පරිසර හානි කිරීම් සිදුවන්නේ එම නිලධාරින්ගේ අකාර්යක්ෂමතාවය හා නොසැළකිල්ල නිසා බව ද අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

ඒ අනුව දිවයිනේ සියලුම පරිසර නිලධාරින් කැඳවා ඔවුන් තම රාජකාරිය හා වගකීම නිසි පරිදි ඉටු කරන්නේ ද යන්න පිළිබඳව සොයා බලන්නැයි ඇමැතිවරයා, මධ්‍යම පරිසර අධිකාරියට නියෝග කර ඇති බවද වාර්තා වේ.

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article