Monday, May 6, 2024

පැත්ත මාරුවුණු කුරුණෑගල ස්ටේෂම ටිකක් අලුත් වෙයි.

Must read

රුපියල් මිලියන 15 ක මුදලක් වැය කරමින් නවීකරණය කෙරුණු කුරුණෑගල දුම්රිය ස්ථානයේ නව ගොඩනැගිල්ල ප‍්‍රවාහන හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතාගේ අතින් පසුගියදා විවෘත කෙරිණි.

කුරුණෑගල දුම්රිය ස්ථානය සංවර්ධන කිරීමේ පළමු අදියර යටතේ යටතේ නවීකරණය කෙරුණු මෙම නව ගොඩනැගිල්ල තුළ ප‍්‍රවේශපත‍්‍ර නිකුත් කිරීමේ කවුඵ, මගී විවේකාගාර සහ පාර්සල් කාමරද පිහිටුවා තිබේ. එමෙන්ම ගැට්ටුවාන මංසන්ධිය ආසන්නයෙන් මෙහි ප‍්‍රවේශ මාර්ගය පිහිටා තිබීම නිසා මගීන්ට වඩාත් පහසුවෙන් කුරුණෑගල දුම්රිය ස්ථානයේ වෙත ළගාවීමේ හැකියාවද පවතී. මගීන්ගේ පහසුව පිණිස කුරුණෑගල දුම්රිය ස්ථානය තුළ අලුතින් ඉදිකෙරුණු යතුරුපැදි අංගනයක්ද නියෝජ්‍ය අමාත්‍යවරයාගේ අතින් විවෘත කෙරිණි. එ් අනුව මෙතෙක් කුරුණෑගල දුම්රිය ස්ථානයේදී භාවිතා කළ ප්‍රධාන පිවිසුම , ප්‍රධාන ගොඩනැගිල්ල සහ ප්‍රවේශපත්‍ර කවුලු යන  ප්‍රධාන අංගයන්ගෙන් ලබාගත් සේවාවන් ඊට විරුද්ධ දිශාවෙන් පිහිටි නව ගොඩනැගිල්ලේදී ලබාගැනීමට මගීන්ට සිදුවනු ඇත.

නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට දුම්රිය සාමාන්‍යාධිකාරි බී. ඒ. පී. අබේරත්න සහ දුම්රිය ගමනාගමන අධිකාරි විජය සමරසිංහ යන මහත්වරුන්ද එක් වී සිටියහ.

කුරුණෑගල දුම්රිය ස්ථානයේ නව ගොඩනැගිල්ලstation_7 station_8

නව ගොඩනැගිල්ල අශෝක් අබේසිංහ මහතාගේ අතින් විවෘත කළ අවස්ථාවstation_1

දුම්රිය සාමාන්‍යාධිකාරි බී. ඒ. පී. අබේරත්න මහතා සමරු ඵලකය විවෘත කරමින්station_2

නියෝජ්‍ය අමාත්‍යවරයා පළමු දුම්රිය ටිකට්පත මිලදී ගනිමින් station_3

නව ගොඩනැගිල්ලේ අභ්‍යන්තර පෙනුමstation_4 station_10 station_5 station_6

මගී යතුරුපැදි නැවතුම්පොළ (ගාස්තු අයකෙරේ)station_9

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article