Sunday, May 19, 2024

ලංසලාගේ බබාපාට් !

Must read

babyමාධ්‍යවේදී ෆ්‍රෙඩී ගමගේ මහතාට මීගමුව මහ නගර සභා පරිශ්‍රය තුළදී එල්ල වූ මැර ප්‍රහාරයට සම්බන්ධ බවට සෘජුවම ඇගිල්ල දිගු වී ඇති මීගමුව නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසා විසින් තමන් අදාල පහරදීම සම්බන්ධයෙන් කිසිත් නොදන්නා තොත්ත බබෙකු බව ඇගවෙන ආකාරයේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇතැයි වයඹ ටුඩේ වෙත වාර්තා වෙයි.

ෆ්‍රෙඩී ගමගේ මහතා සහ තවත් පිරිසක් අතර ගැටුමක් ඇති වන අවස්ථාවේදී තමන් මීගමුව මහනගර සභා රැස්වීමට සහභාගිවෙමින් සිටි බවත්, අදාළ ප්‍රහාරයට සම්බන්ධ නොවූ බවත් දයාන් ලංසා විසින් එම මාධ්‍ය නිවේදනය හරහා කියන්නට උත්සහ කර තිබේ.

ඊට අමතරව, එම පහරදීම මවාපෑමක් බව කියන දයාන් ලංසා එයින් නොනැවතී අදාළ මාධ්‍ය නිවේදනය හරහා අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ රාජකාරියටත් අතගසා ඇති බවක් පෙනෙයි. මන්ද වෛද්‍ය වාර්තාවලින් හෙළි වී ඇති කරුණු අනුව පහරදීමකින් සිදුවිය හැකි තුවාල කිසිවක් දැකගත නොහැකි වූ බවද දයාන් ලංසා තම නිවේදනයේ සදහන් කරන බැවිනි.

ලංසලා මෙලෙස තාවකාලික ආතල් එකක් ගනිමින් සිටින්නේ ෆ්‍රෙඩී ගමගේ මහතා පරීක්ෂාවට පත් කළ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් ඔහුගේ හිසේ වම් පස තැලුම් තුවාලයක් ඇති බවත්, එය පහරදීමකින් මිස වෙනත් විදියකින් ඇති විය හැකි තුවාලයක් නොවන බවත් ඉතා පැහැදිලිව තම වාර්තාවේ සදහන් කර ඇති බව නොදන්නාකම නිසා විය යුතුය.

දයාන් ලංසා විසින් මෙවැනි ළද බොළද මාධ්‍ය නිවේදන නිකුත් කරමින් ‘මං සුදනා‘වීමේ අසාර්ථක උත්සාහයක යෙදී සිටින්නේ මේ ප්‍රහාරය පිටුපස දයාන් ලංසා සිටින බවට පිළිගත හැකි තොරතුරු ගණනාවක් මේ වන විට අනාවරණය වී ඇති පසුබිමකය.

ෆ්‍රෙඩී ගමගේ මහතාට මීගමුව මහ නගර සභා පරිශ්‍රය තුළදී එල්ල වූ මැර ප්‍රහාරය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු කුෂාන් ක්‍රිස්මාල් නැමැත්තා ලංසා පවුලේ සුචච, කීකරු ගෝලයෙකුව සිටි බව තහවුරු කෙරෙන ඡායාරූප කිහිපයක් පසුගිය දිනවලදී වෙබ් අඩවිවල පළ වී තිබිණි.

එමෙන්ම මෙම ප්‍රහාරය සිදුවීමට පෙර සහ පසුව ඊට ආසන්න වේලාවන්වලදී කුෂාන් ක්‍රිස්මාල් සහ දයාන් අතර හුවමාරු වී ඇති ජංගම දුරකථන ඇමැතුම් ගණනාවක් පිළිබදවද මේ වන විට තොරතුරු අනාවරණය වී තිබේ.

ඒ නිසා දයාන් ලංසලාට අපිට කෙටියෙන්ම කියන්නට ඇත්තේ අසත්‍යයේ කුණු කන්දල් දමා සත්‍යය වසා දමන්නට කොතෙක් උත්සහා දැරුවද සත්‍යයේ සුවද සැමදා පවතිනු ඇති බවය !

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article