spot_img
spot_img
Friday, June 5, 2026
spot_img
spot_img

පිං ගවයා මස් කළ පව්කාරයෝ හිරගෙට

Must read

pin_gawayaබරිගොඩ රක්ෂිතය තුළ නිදැල්ලේ සැරිසරමින් සිටි එළ ගවයෙකු මරා මස්කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව කියන සැකකරුවන් සිව්දෙනෙකු ලබන 6 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකරන ලෙසට නියම කළ කුලියාපිටිය මහේස්ත‍්‍රාත් ජයරුවන් දිසානායක මහතා අදාළ මස් තොගය විනාශ කරන ලෙස ඊයේ ( 02 දා) නියම කළේය.

මෙලෙස රක්‍ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ අහමඩ් ලෙබ්බේ මොහොමඞ් රිශාඩ් , නාගූර් මොහොමඩ් හිල්මි, මොහොමඩ් නිශාම් මොහොමඩ් තාවුස් සහ තාවුල් හමීඩ් රජාබ්ඩීන් නැමැති ඇස්සැද්දුම හා බරිගොඩ ප‍්‍රදේශයේ පදිංචිකරුවන් සිවුදෙනෙකි.

කුරුණෑගල , රත්ගල්ල පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කළ වැටලීමකදී මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන තිබිණි.

කුලියාපිටිය උපේන්ද්‍ර සේරසිංහ

(ඉහත දැක්රූවෙන ඡායාරූපය මෙම සිදුවීමට කිසිසේත්ම අදාළ ඡායාරූපයක් නොවන අතර ප්‍රවෘත්තිය අර්ථවත් කිරීමේ අරමුණින් යොදාගෙන ඇති අන්තර්ජාල ඡායාරූපයක් බව කරුණාවෙන් සලකන්න )

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article