Saturday, May 4, 2024

දිව සපා කා අතවරයෙන් බේරුණු මාවතගම දැරියගේ ඇත්ත කතාව මෙන්න !

Must read

tongueතමන්ට අතවර කිරීමට සැරසුණු පුද්ගලයෙකුගේ දිව සපා කා එම අතවරයෙන් ගැලැවුණු පාසල් දැරියක් එම පුද්ගලයාගේ දිවේ කොටසක්ද සමග පොලිසියට පැමිණීමේ සිදුවීමක් මාවතගම පොලිස් බල ප‍්‍රදේශයේ, ජාකඩුකන්ද ප‍්‍රදේශයෙන් වාර්තා වෙයි.

මෙම නිර්භීත ක‍්‍රියාව සිදුකර ඇත්තේ මාවතගම, පුස්සැලිකන්ද ප‍්‍රතිරාජ විද්‍යාලයේ 13 වැනි වසරේ ඉගෙනුම ලබමින් සිටින සිසුවියක විසිනි.

වයඹ ටුඩේ වෙත වාර්තා වන අන්දමට අදාළ සිදුවීම මෙසේය.

මෙම සිසුවියගේ මව්පියන් ගඩොල් කැපීමෙන් දිවි සරි කරගන්නා අතර නිවසේ ඔවුන්ගේ නිවසේ සිට මද දුරකින් පිහිටා ඇති ගඩොල් පෝරණුවක වැඩකිරීම ඔවුන්ගේ සිරිත වී තිබේ. පසුගිය 27 වැනිදා දිනයේදීත් පාසැල නිම වී සුපුරුදු පරිදි මව්පියන් වැඩකරන ගඩොල් පෝරණුව වෙත පැමිණ ඇති මෙම දැරිය එහි සිටි සිය හය හැවිරිදි සිය සොයුරියද කැදවාගෙන නිවසට පැමිණ තිබේ. නිවසට එන විට එහි පිටුපස දොර විවෘත වී තිබෙන ආකාරය මෙන්ම ඇතුලත කාමරයක විදුලි පහනක් දැල් වී තිබෙන ආකාරයත් දැකීමෙන් ඒ පිළිබද සැක සිතූ දැරිය නිවසට ඇතුලූ නොවී සොයුරියද සමග නිවසින් පිටත රැදී සිට තිබේ. එම අවස්ථාවේදී නිවස පිටුපසින් පැමිණි නාදුනන පුද්ගලයෙකු විසින් බීමට වතුර වීදුරුවක් දෙන ලෙස දැරියගෙන් ඉල්ලා ඇති අතර දැරිය නිවසට ඇතුලු නොවී ළිදෙන් දිය ගෙන එම පුද්ගලයාට බීමට ලබා දී තිබේ. දිය බීමෙන් පසුවත් එම පුද්ගලයා එහි තවදුරටත් රැදී සිටීම නිසා අතර නිවසේ දොරවල් වසා දැමූ දැරිය සොයුරියද අතින් අල්ලාගෙන මව්පියන් සිටි ගඩොල් පෝරණුව වෙත ආපසු යාමට පිටත් වී තිබේ. එහිදී ඔවුන් පිටුපස දිව ආ සැකකටයුතු පුද්ගලයා දැරිය බිම පෙරළාගෙන අතවර කරන්නට සූදානම් වී ඇති අතර එම අවස්ථාවේදී දැරිය එම පුද්ගලයාගේ දිව සපා කා තිබේ. එහිදී සැකකාර පුද්ගලයාගේ දිවේ කොටසක් කැඩී දැරියගේ මුවට පැමිණ ඇති අතර ඉන් වේදනාවට පත් සැකකරු දැරිය අතහැර පලාගොස් තිබේ. පසුව දිවේ කොටසද රැගෙන මව්පියන් වෙත ගිය දැරිය ඔවුන් සමග මාවතගම පොලිසිය වෙත පැමිණ පැමිණිලි කර තිබේ.

දැරිය විසින් ලබා දී ඇති ශරීර ලක්ෂණවලට අනුව දැරියට අතවර කිරීමට පැමිණි පුද්ගලයා සොයා මාවතගම පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් සදසිරි මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article