Friday, May 17, 2024

පුත්තලම් දිස්ත්‍රික්කයේ වැඩි මිළට සහල් අළෙවි කළ වෙළෙඳුන් අත්අඩංගුවට

Must read

1590670881-gazette_L
සහල් සදහා පාලන මිළක් නියම කළ පසු එම මිළ නොතකමින් වැඩි මිලට සහල් වර්ග අලෙවි කළ කළු කඩ ව්‍යාපාරිකයින් 70 ට ආසන්න සංඛ්‍යාවක් අත් අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට  පුත්තලම පාර්භෝගික සේවා අධිකාරිය විසින්පි පියවර  ගෙන තිබේ.  වැඩි මිල යටතේ තොග වෙළදාම සිදු කළ පොලොන්නරුවේ මහ පරිමාණ සහල් නිෂ්පාදන සමාගමකට එරෙහිව ද නීතිය ක්‍රියාත්මක කිරිමට පියවර ගත් බව පුත්තලම පාර්භෝගික සේවා අධිකාරියේ දිසා අධිකාරි ඊ.යු.රංජන මහතා පවසයි.
පොලොන්නරුවේ මහ පරිමාන සහල් නිෂ්පාදනය කරන සමාගම මිල පාලන නීතිය නොතකා දක්වා ඇති මිල ගණනට උඩින් වැඩි මිලක් දැක්වෙන කඩදාසියක් අලවා සිය සහල් සිල්ලර වෙළෙදුන් වෙත අලෙවි කර ඇති බවත් ඒ අනුව සිල්ලර වෙළෙදුන්ට මිල පාලනය නොතකා සහල් අලෙවි කිරිමට සිදුවු බව සිදු කළ පරික්ෂණයක දි අනාවරණය වීමෙන් පසු එම සහල් නිෂ්පාදන සමාගමට එරෙව මේ වන විට හලාවත අධිකරණයෙහි නඩු පවරා ඇති බවත් ඒ මහතා කීය. පසුගිය දා රජය සහල් සදහා මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කළ අතර එම පාලන මිළ අනුව සහල් අලෙවි කළ යුතු විය. එහෙත් පුත්තලම දිසාවේ සෑම වෙළෙන්දෙකුම පාලන මිළ නොතකා වැඩි මිලට සහල් අලෙවි කරමින් පාරිභෝගික ජනතාව ගසා කතන බවට ලද පැමිණිළි රැසක් අනුව තම අධිකාරියේ නිලධාරින් දිසාව තුළ වැඩි මිළට සහල් අලෙවි කරණ වෙළෙදුන් අත් අඩංගුවට ගැනීමට පියවර ගත් බවත් ඒ අනුව මෙම මාසයේ පමණක් 70 ට ආසන්න කළු කඩ මුදලාලිලා සිය ග්‍රහනයට හසු කර ගත් හැකිවු බවත් කියයි. සිල්ල වෙළද සැල් පරික්ෂා කිරිමේ දි තම නිලධාරින්ට අනාවරණය කර ගත හැකි වුයේ සහල් නිෂ්පාදනය කරණ සමාගම් වැඩි මිල දැක්වෙන  මිළ සදහන් කරමින් තමන් වෙත සහල් තොග වශයෙන් අලෙවි කරණු ලබන බවත් ඒ අනුව තමනට පාලන මිළට සහල් පාරිභෝගිකයින්ට අලෙවි කළ නොහැකිවි ඇති බව හෙළිවි ඇති බවත් කීය. මිළ පාලන ගැසට්ටුව හා තමන් වෙත ලද උපදෙස් අනුව පුත්තලම දිසාව තුළ නිරන්තරයෙන්ම වැඩි මිලට සහල් අලෙවි කරනු ලබන කළු කඩ අත් අඩංගුවට ගන්නා බවත් රංජන් මහතා කීවේය.


හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article