Friday, May 17, 2024

පුත්තලම් පොලිසියේ වාහන අබලන්, රාජකාරියට යන නිලධාරින් අතරමං !

Must read

පුත්තලම මූලස්ථාන පොලීසියට අයත් රථ වාහන සියල්ලම අබලන්වීම හේතුවෙන් සිය රාජකාරි කටයුතු ඉටුකිරීමේදී පුත්තලම මූලස්ථාන පොලීසියේ සේවයේ නියුතු නිලධාරීන් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණදෙමින් සිටින බව වයඹ ටුඩේ වෙත වාර්තා වෙයි.

මෙරට පොලිස් බල ප්‍රදේශ අතරින් විශාලතම පොලිස් බල ප්‍රදේශයක් ආවරණය කෙරෙන පුත්තලම මූලස්ථාන පොලිසියේ දෛනික කටයුතු සදහා අවම වශයෙන් වාහන තුනක්වත් අවශ්‍ය බව එහි නිලධාරිහු කියති. දැනට පුත්තලම මූලස්ථාන පොලීසිය සතු ප්‍රධානම වාහනය වන මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ නිල රථය සති කිහිපයක පෙර පාවිච්චි කළ නොහැකි තරමට අබලන්වීම හේතුවෙන් ගරාජ්යක් තුළ ගාල්කර තිබේ.
අපරාධ විමර්ශණ අංශයේ වැටලීම් හා පරීක්ෂණ කටයුතු සදහාත් එක් ජීප් රථයක් අවශ්‍යව ඇති නමුත් දැනට මාස මාස ගණනාවක සිට එම අංශයටද නිල රථයක් ලැබී නැත. ජංගම මුර සංචාර , උසාවි කටයුතු හා දෛනික හදිසි අවශ්‍යතා සදහා වාහන දෙකක්වත් අවශ්‍ය බව කියැවෙන නමුත් ඒ සදහා එක් වාහනයක්වත් මේ වන විට පුත්තලම මූලස්ථාන පොලීසිය සතුව නොපවතී.

පුත්තලම මුලස්ථාන පොලීසියට අයත් රථ වාහන විශාල ප්‍රමාණයක් ඇතත් ඒවායින් බහුතරයක් නඩත්තු හා අළුත්වැඩියා කටයුතු සිදුකරන තෙක් ගරාජය තුළ ගාල් කර තිබෙනු දැකගත හැකි අතර පුත්තලම මුලස්ථාන පොලීසියට අයත් ඇතැම් වාහන පුත්තලම පොලිස් කොට්ඨාශයේ වෙනත් ස්ථානවල රාජකාරිවලට යොදවා ඇති බවද කියැවේ.

පුත්තලම මුලස්ථාන පොලිසියෙන් නිලධාරින් විසින් ග්‍රාම නිලධාරී වසම් 39 වෙසෙන ජනතාව වෙනුවෙන් ආරක්ෂාව සහ සේවාවන් සැපයීම සිදු වන අතර ඊට අමතරව පුත්තලම නගරය, හදිසි විරෝධතා , විශේෂ පුද්ගලයින් ( වී.අයි.පී) ආරක්ෂක කටයුතු, වන අලි ගම්වැදීම් , මංකොල්ල කෑම්, පාසැල් වැඩසටහන් ඇතුළු රාජකාරි කටයුතු ගණනාවක්ද ඉටුකරමින් සිටින පොලිස් ස්ථානයකි. නමුත් මෙම රාජකාරි කටයුතු සදහා යොදාගැනීමට අවශ්‍ය වාහන නොමැතිකමින් පුත්තලම මුලස්ථාන පොලීසියේ නිලධාරිහු බොහෝ අවස්ථාවන්වලදී මහත් අපහසුතාවයන්ට මුහුණදෙන බවද වාර්තා වෙයි.

පුත්තලම – නලින් හෙන්දුරුගොඩ police_vehicle_1 police_vehicle_2 police_vehicle_3 police_vehicle_4 police_vehicle_5

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article