Monday, May 6, 2024

පොලිසියට එරෙහිව යටිවිල්ලේ මිනිස්සු ඊයේ මහ රෑ පුංචි යුද්ධයක. (ඡායාරූප )

Must read

බීමත්ව අශෝබන ලෙස හැසිරුණු බවට චෝදනා කරමින් පොලිසිය විසින් අසාධාරණ ලෙස අත්අඩංගුවට ගත් තරුණයන් පිරිසක් මුදාහරින ලෙස බල කරමින්, මාවතගම යටිවිල්ල ගම්වාසීන් පිරිසක් ඊයේ (07 දා ) රාත‍්‍රියෙහි කුරුණෑගල – මහනුවර ප‍්‍රධාන මාර්ගය අවහිර කර ඒ මත ටයර් පුඵස්සමින් විරෝධතාවයක යෙදීම නිසා එම මාර්ගයේ ගමනාගමන කටයුතු පැය හතරකට අසන්න කාලයක් සම්පූර්ණයෙන්ම ඇණහිටියේය.

යටිවිල්ල ගම්මානයෙහි නිවසක ඊයේ දහවල් පැවැති මංගල සාදයක් නිමවීමෙන් පසුව කුරුණෑගල – මහනුවර ප‍්‍රධාන මාර්ගය අයිනේ පිහිටි කඩපිලක ගී ගයමින් සිටි තරුණයින් හයදෙනෙකු පොලිසිය විසින් අසාධාරණ ලෙස අත්අඩංගුවට ගෙන ඇතැයි කියමින් ඊයේ රාත‍්‍රී 7 ට පමණ මාර්ගයට පිවිසි මෙම පිරිස ටයර් සහ ලී කොටන් යොදා මාර්ගය හරස් කර විරෝධතාවයෙහි ආරම්භ කර තිබිණි. අත්අඩංගුවට ගත් තරුණයින්ට එරෙහිව නඩු පැවරීමක් හෝ නීතිමය කටයුත්තක් සිදු නොකර මුදාහරින ලෙසට විරෝධතාවයට එක් වී සිටි දෙසියයකට අධික යටිවිල්ල ගම්වාසීහු ඉල්ලා සිටියහ.

මේ තත්වය මත පසුව පොලිස් ඇප මත මුදාහැරුණු එම තරුණයින් හය දෙනා රාත‍්‍රී 10.45 ට පමණ උද්ඝෝෂණය පැවැති ස්ථානයට පැමිණීමත් සමග මාර්ගය මැද ගිනිගෙන දැවෙමින් තිබූ ටයර්වලට වතුර වත්කර නිවා දැමූ ප‍්‍රදේශවාසීහු ඒවා මාර්ගයෙන් ඉවත් කර සිය විරෝධතාවය අවසන් කළහ. ඒ සමගම පැය තුනකට අධික කාලයක් අවහිර වී තිබූ කුරුණෑගල – මහනුවර ප‍්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතුද යථා තත්වයට පත් විය.

yativilla_protest_3 yativilla_protest_1 yativilla_protest_7 yativilla_protest_8 yativilla_13 yativilla_protest yativilla_12 yativilla_protest_9 yativilla_protest_10 yativilla_11 yativilla_protest_4 yativilla_protest_6 yativilla_protest_5

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article