Friday, May 3, 2024

බීමත් බිරියගේ අලවංගු පහරින් සැමියා මරුට.

Must read

kandulawa_murder

බීමතින් සිටි බව කියන බිරියක විසින් කළ පහරදීමකින් සැමියා ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් ඉබ්බාගමුව, කදුළව ප්‍රදේශයෙන් ඊයේ (10 දා) රාත්‍රියේ වාර්තා විය.

මෙලෙස මියගොස් ඇත්තේ කදුළව, තිඹිරියාලන්ද වත්ත ප්‍රදේශයේ පදිංචි කෝදාගොඩගේ ශාන්තසිරි නැමැති 46 හැවිරිදි තිදරු පියෙකි. මියගිය පුද්ගලයා විසින් තරුණ සමයේදීම සිය බිරිය ද මත්පැන් පානයට හුරුකර ඇති බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස මෙම කාන්තාවද මත්පැන්වලට ඇබ්බැහි වී සිටි බවත් මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ. මෙම යුවළගේ 18 හැවිරිදි දරුවා කඩවත ප්‍රදේශයේ රැකියාවක යෙදී සිටින අතර වයස අවුරුදු 13 සහ 07 යන වයස්වල පසුවන දරුවන් දෙදෙනා ඥාති නිවෙස්වෙත පිටත්කර යැවීමෙන් අනතුරුව අඹුසැමියන් එක්ව මත්පැන් පානය කිරීමට හුරු වී සිට ඇතැයිද පොලිසිය කියයි.

ඒ අනුව ඊයේ උදෑසන කාලයේ දරු දෙදෙනා මිත්තණියගේ නිවස වෙත යැවීමෙන් අනතුරුව මෙම අඹුසැමි යුවළ නිවස තුළ මත්පැන් පානය කර ඇති බවද අනාවරණය වී තිබේ. මත්පැන් පානයෙන් අනතුරුව දෙදෙනා අතර බහින්බස්වීමක් ඇති වී තිබෙන අතර සැමියා නිදන ඇද මත දිගා වී බිරියට බැණවදිමින් සිට ඇති බවත්, එයින් කෝපයට පත් කාන්තාව අඩි 06 ක් පමණ දිගැති අලවංගුවකින් සැමියාගේ හිසට පහර දී ඇති බවත් පොලිසිය කියයි. අලවංගු පහරින් බරපතල තුවාල ලැබූ සැමියා ඇද මතම මියගොස් ඇති අතර, කාන්තාව විසින් ඔහුගේ සිරුර නිවසේ වැසිකිළි වළට දැමීමේ අරමුණින් එම වලෙහි මතුපිට ආවරණයේ පස් ඉවත්කර තිබූ අයුරුද දැකගත හැකිවිය. රාත්‍රි කාලයේදී සැමියාගේ සිරුර වැසිකිළි වළට දැමීමට සැලසුම් කරගෙන තිබූ නමුත් ඊ‍ට පෙර, මිත්තණියගේ නිවසට ගොස් සිටි දරුවෙකු ආපසු නිවසට පැමිණීම හේතුවෙන් මෙම අපරාධය පිළිබදව අනාවරණය වී තිබේ.

ඝාතනය සම්බන්ධයෙන් මිය ගිය පුද්ගලයාගේ 43 හැවිරිදි බිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, අද (11 දා) දහවල් ඝාතනය සිදු වූ නිවසට පැමිණි කුරුණෑගල වැඩබලන මහේස්ත්‍රාත් ඩබ්ලිව්. ඩී. එච්. චන්ද්‍රරත්න මහතා විසින් මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වනු ලැබීය. පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සදහා දේහය කුරුණෑගල අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යවන ලෙසට වැඩබලන මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළ අතර ගොකරැල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

මෙම ප්‍රවෘත්තියට අදාල වීඩියෝ දර්ශණ පහත දැක්වෙයි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article