Friday, May 3, 2024

කුඩු ගහන්න සල්ලි හොයන්න යෝගට් ලොරියක් ඉස්සූ කුඩ්ඩෙක් මාට්ටු.

Must read

yourgat_robbery

යෝගට් අලෙවි නියෝජිතයෙකුගේ නිවසකට හොරෙන් ඇතුලු වී, එහි නවතා තිබූ යෝගට් බෙදාහැරීමට යොදාගන්නා සහිත ශීතාගාර ලොරි රථයක් සොරාගත් අයෙකු කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් ඉකුත් 08 වැනිදා අත්අඩංගුවට ගනු ලැබීය.

මෙලෙස අත්අඩංගුවට ගැණුනේ කුලියාපිටිය, ඉගුරුවත්ත ප‍්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණයෙකු වන අතර ඔහු වූ අදාල අලෙවි නියෝජිත යටතේ රියදුරෙක් ලෙස කලක් සේවය කර ඇති අයෙකු බවද වාර්තා වෙයි. සැකකරු විසින් සොරාගත් ලොරි රථයේ වටිනාකම රුපියල් දාහත් ලක්‍ෂ පනස් දහසක් පමණ වන අතර එහි ගබඩා කර තිබූ යෝගට්වල වටිනාකම එක් ලක්‍ෂ හතලිස් හය දහසක් පමණ වෙයි. මත්කුඩුවලට තදින් ඇබ්බැහි වී සිටින සැකකරු ඒ සදහා අවශ්‍ය මුදල් සොයාගැනීමට මෙම සොරකම සිදුකර ඇති බව පොලිස් විමර්ශන වලදී හෙළි වී තිබිණි.

ඉකුත් අධි පොසොන් පොහෝ දිනයේදී නිවැසියන් සිල් සමාදන් වීම සදහා නිවසින් පිටව ගොස් සිටියදී එම නිවසට ඇතුලු ඇති සැකකරු ගෙමිදුලේ නවතා තිබූ යෝගට් ලොරිය සොරකම් කරගෙන ගොස් ඇත. ලොරියේ අලවා තිබූ වෙළද නාම සහිත ස්ටිකර් ගලවා ඉවත්කිරීමෙන් පසුව කුලියාපිටිය, නාරංගල්ල ප‍්‍රදේශයේ වෙළද සැලක් වෙත ගොස් ඇති සැකකරු රුපියල් 18 ක් බැගින් යෝගට් කිහිපයක් එම වෙළදසැලේ හිමිකරුට අලෙවිකර තිබේ. එම මුදලත් රැගෙන කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය ඔස්සේ වනාතමුල්ල ප‍්‍රදේශයට පැමිණ ඇති සැකකරු එදින රාත්‍රි පුරා මත්කුඩු භාවිතා කරමින් වාහනය තුළම රැය පහන් කර ඇති බව පොලිසිය කියයි.

පසුදින ලොරියත් රැගෙන හොරණ ප‍්‍රදේශයට ගොස් තිබූ සැකකරු එම ප‍්‍රදේශයේ වෙළදසැල් කිහිපයකටම අඩු මුදලට යෝගට් අලෙවිකර තිබේ. එසේ සිටියදී කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය නිලධාරින් විසින් වනාතමුල්ල ප‍්‍රදේශයේදී සැකකරු සහ ලොරි රථය අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ තොරතුරුවලට අනුව හොරණ සහ නාරංගල්ල ප්‍රදේශවල වෙලදසැල් මගින් යෝගට් අලෙවි කිරීමෙන් පසු ඉවත දමා තිබූ හිස් යෝගට් පෙට්ටි 106 ක් ද සොයාගෙන තිබිණ.

කුලියාපිටිය කොට්ඨාශ භාර පොලිස් අධිකාරි ඔශාන් හේවාවිතාරන, සහකාර පොලිස් අධිකාරී ජාලිය හීන්කෙන්ද යන මහත්වරුන්ගේ උපදෙස් අනුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක වික‍්‍රමනායක, පොලිස් සැරයන් ජයකොඩි (52609), සෙනවිරත්න(33604), සිල්වා(10144), පොලිස් කොස්තාපල් චමිල(37525) රොහාන්(57893), වීරසේකර(35826) , ආනන්ද(49077) , ප‍්‍රියශාන්ත(36230) සහ මධුසංක(74898) යන නිලධාරීහු වැටලීම සිදුකළහ.

කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article