Sunday, May 5, 2024

බීමතින් රේස් ගිය රියදුරෙකු ජීවිතයක් බිලි ගනී. තවත් හතරක් රෝහලේ !

Must read

drunk_driver_0බීමත් රියදුරෙකු විසින් කුරුණෑගල නගරය හරහා අධික වේගයෙන් ධාවනය කළ මෝටර් රථයක ගැටීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ලයෙකු ඊයේ (10 දා) ජීවිතක්ෂයට පත් වූ අතර එම මෝටර් රථයේ ගැටුණු තවත් පුද්ගලයින් පස්දෙනෙකු කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබති.

මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ වදාකඩ, වදාව ප්‍රදේශයේ පදිංචි මදුරාපොත ආරච්චිලාගේ ගුණසේකර නැමැති 71 හැවිරිදි පුද්ගලයෙකි.

පෙරේදා ( 09 දා) පස්වරු 5.30 ට පමණ සැකකාර රියදුරා විසින් ඔහුගේ මෝටර් රථය වැහැර දෙස සිට කුරුණෑගල දෙසට අධික වේගයෙන් ධාවනය කර ඇති අතර කුරුණෑගල සමූපකාර රෝහල අසලදී පළමුව ත්‍රිරෝද රථයක ගැටී තිබේ. එහිදී නොනවත්වාම තම රථය ධාවනය කර ඇති මෙම රියදුරා කුරුණෑගල ශික්ෂණ රෝහල ඉදිරිපිට පිහිටි කහ ඉරෙන් පාර මාරුවෙමින් සිටි වියපත් යුවළක්ද යටකරගෙන රථය තවදුරටත් ඉදිරියට ධාවනය කර ඇති අතර නාවින්න වටරවුමේදී තවත් ත්‍රිරෝද රථ දෙකක් හප්පා පලායෑමට උත්සාහ කිරීමේදී මාර්ගය අයිනේ පිහිටි යකඩ වැටක ගැටී නතර වූ බව සිද්ධිය ඇසින් දුටුවෝ කීහ.

ජීවිතක්ෂයට පත් වී ඇත්තේ කුරුණෑගල ශික්ෂණ රෝහල ඉදිරිපිට පිහිටි කහ ඉරෙන් පාර මාරුවෙමින් සිටියදී මෝටර් රථයේ ගැටුණු වියපත් පුද්ගලයා වන අතර එම අනතුරින් බරපතල තුවාල ලැබූ ඔහුගේ බිරිද අසාධ්‍ය තත්වයෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි. මෝටර් රථයේ ගැටුණු ත්‍රිරෝද රථ පැදවූ රියදුරන් සහ ඒවායෙහි ගමන් කරමින් සිටි කාන්තාවන් දෙදෙනකු ඇතුලු තවත් සිව් දෙනෙකුද කුරුණෑගල ශික්ෂණ රෝහලේ වැඩිදුර ප්‍රතිකාර ලබති.

සැකකාර රියදුරා සහ ඔහු විසින් පැද වූ මෝටර් රථය කුරුණෑගල මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මෝටර් රථය පදවන අවස්ථාව වන විට සැකකාර රියදුරු අධික ලෙස බීමත්ව සිටි බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ. කුරුණෑගල මූලස්ථාන පොලිසිය අනතුර පිළිබද වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

අනතුර සිදු කළ මෝටර් රථයdrunk_driver_5
මිය ගිය පුද්ගලයාගේ හිස ගැටීම හේතුවෙන් මෝටර් රථයේ ඉදිරිපස වීදුරුව බිදී ගොස් තිබූ අයුරුdrunk_driver_4
මෝටර් රථයේ ගැටුණු ත්‍රිරෝද රථයක්drunk_driver_6
අනතුරට ලක් වූ අයෙකුට කුරුණෑගල ශික්ෂණ රෝහලේදී හදිසි ප්‍රතිකාර ලබාදෙමින් drunk_driver_2
අනතුරට ලක් වූ කාන්තාවන්.drunk_driver_3
වියපත් යුවළ මෝටර් රථයට යට වූ ස්ථානය.drunk_driver_1

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article