Saturday, May 18, 2024

කුරුණැගල ශික්ෂණ රෝහල නවීකරණයට 2016 දී කෝටි 30 ක්.

Must read

kurunegala_hospital_1කුරුණෑගල ශික්ෂණ රෝහලේ නවීකරණ කටයුතු සදහා මෙම වසරේදී රුපියල් කෝටි 30 ක මුදලක් රජයෙන් ලබා දී ඇති බවත්, එම මුදලට අදාල ඉදිකිරීම් කටයුතු දෙසැම්බර් මාසය වන විට අවසන් කිරීමට නියමිත බවත් ප‍්‍රවාහන සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවසීය.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ සිදුවෙමින් පවතින සංවර්ධන කටයුතු පිළිබදව සොයාබැලීම සදහා කළ නිරික්ෂණ චාරිකාවකට එක්වෙමිනි.

කුරුණෑගල ශික්ෂණ රෝහලට කුරුණෑගල දිස්ත‍්‍රික්කය තුළ වෙසෙන ජනතාව පමණක් නොව අනුරාධපුර, පොලොන්නරුව, පුත්තලම, හලාවත සහ මාතලේ වැනි දුරබැහැර ප‍්‍රදේශවල සිට පවා රෝගීන් වැඩි වශයෙන් පැමිණීම හේතුවෙන් එය මේ වන විට දිවයිනේ පිහිටි රෝහල් අතරින් කාර්යබහුලම රෝහලක් බවට පත් වී ඇතැයිද නියෝජ්‍ය ඇමැතිවරයා පැවසීය. එම සියලු රෝගීන්ට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සැපයීම අරමුණු කරගනිමින් කුරුණෑගල රෝහලට මෙතෙක් පැවැති අඩුපාඩු ලෙස පැවැති නව ගොඩනැගිලි සහ ඒකක කිහිපයක් අලුතින් ඉදිකිරීම ආරම්භ කර ඇති බවද හෙතෙම පැවසීය.

ඒ අනුව රෝහලේ බාහිර රෝගී අංශය පුඵල් කිරීම, පරිපාලන ගොඩනැගිල්ල ඉදිකිරීම, නව ශ‍්‍රවණාගාරයක් ඉදිකීරිම, මහජන විවේකාගාරයක් ඉදිකිරීම, ව්‍යයාම මධ්‍යස්ථානයක් ඉදිකිරීම ඇතුලුසංවර්ධන කටයුතු ගණනාවක් මේ වන විට ආරම්භ කර ඇති අතර මෙම සියලු ගොඩනැගිලි දෙමහල් ගොඩනැගිලි ලෙස ඉදිවීමද විශේෂත්වයකි.මෙම ව්‍යාපෘති සදහා රුපියල් කෝටි 130 ක මුදලක් ඇස්තමේන්තු කර ඇති අතර එම ඇස්තමේන්තු මුදලින් රුපියල් කෝටි 30ක මුදලක් මෙම වසර සදහා ලැබී ඇති බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම ව්‍යාපෘති සදහා වැයකෙරෙන ඉතිරි මුදල ඉදිරියේදී නිකුත්කිරීමට රජයේ අනුමැතිය ලැබී ඇති බවද වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය කමල් ජයසිංහ සහ රෝහල් කුරුණෑගල ශික්ෂණ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැදන්ගමුව යන මහත්වරුන්ද සහභාගි වූහ.

නියෝජ්‍ය අමාත්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා රෝහල් භූමියේ ඉදිකිරීම් නිරීක්ෂණය කළ අවස්ථාවkurunegala_hospital_3 kurunegala_hospital_2 kurunegala_hospital_4

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article