Friday, May 17, 2024

” මහින්ද හැර නොයමු.” සන්ධාන අපේක්ෂකයෝ අනපේක්ෂිත ප‍්‍රතිඥාවක !

Must read

කිසිදිනෙක මහින්ද රාජපක්ෂ මහතාව හැර නොයන බවට අනපේක්ෂිත ප‍්‍රතිඥාවක් ලබාදීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කුරුණෑගල දිස්ත‍්‍රික්කය සදහා තරගකිරීමට නාමයෝජනා
භාරදුන් සියඵ අපේක්ෂක අපේක්ෂිකාවන්ට ඊයේ (13 දා ) සිදු විය.

සන්ධාන අපේක්ෂක අපේක්ෂිකාවන්ට භික්ෂූන් වහන්සේ ඉදිරියේ මෙම ප‍්‍රතිඥාව ලබාදීමට සිදු වූයේ කුරුණෑගල දිස්ත‍්‍රික්කය සදහා තරග කිරීමට නාමයෝජනා භාරදුන් අපේක්ෂකයින්ට
සෙත්පැතීම වෙනුවෙන් කුරුණෑගල බෞද්ධාලෝක පිරිවෙන් විහාරස්ථානයේ සංවිධානය කර තිබූ ජය පිරිත් සජ්ජායනයකට සහභාගී වෙමින් සිටින අතරතුරේදීය. මෙම අවස්ථාවට කුරුණෑගල
දිස්ත‍්‍රික් සන්ධාන කණ්ඩායමේ නායකත්වය දරණ මහින්ද රාජපක්ෂ මහතා ඇතුඵ මැතිවරණයට තරගවදින අපේක්ෂක, අපේක්ෂිකාවන් සියඵ දෙනාම සහභාගී වී සිටියහ.

පිරිත් දේශණාවට පෙර අනුශාසනාවක් පැවැත් වූ වයඹ පළාතේ ප‍්‍රධාන අධිකරණ සංඝනායක රැකව ජිනරතන නාහිමියෝ , මෙම ස්ථානයේ රැස්ව සිටින භික්ෂූන් වහන්සේට සන්ධාන
අපේක්ෂකයින්ගෙන් යම් ප‍්‍රතිඥාවක් අවශ්‍ය බැවින් පවසා තමා කියැ වූ පසු එම ප‍්‍රතිඥාව කියවන ලෙස ඉල්ලා සිටියහ. ජිනරතන නාහිමියන් අනුව යමින් සන්ධාන අපේක්ෂකයින්ද සිය හදවත මත
අත තබාගෙන එම ප‍්‍රතිඥාව කියැ වූ අතර මැතිවරණයේදී සාමකාමීව කටයුතු කරන බවටත්, කිසිදිනෙක මහින්ද රාජපක්ෂ මහතා හැර නොයන බවටත් එම ප‍්‍රතිඥාවේ සදහන් විය.

එම ප‍්‍රතිඥාවෙන් අනතුරුව බෞද්ධාලෝක පිරිවෙන් විහාරස්ථානය වෙත වැඩම කර සිටි වයඹ පළාතේ ප‍්‍රධාන අධිකරණ සංඝනායක රැකව ජිනරතන නාහිමියන්, බෙංගමුවේ නාලක හිමියන් සහ
මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ඇතුඵ සියයකට අධික මහා සංඝරත්නය විසින් මහින්ද රාජපක්ෂ මහතා ඇතුඵ එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂකයින්ට සෙත් පතමින් ජයපිරිත
දේශණා කළහ.

පිරිත් දේශණාව නිමවීමෙන් අනතුරුව රැස් ව සිටි පිරිස ඇමැතූ මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.

ජය පිරිත් දේශණා කර අපි සියලූ දෙනාට ආශිර්වාද කිරීම පිළිබදව මගේත්, අනෙක් අපේක්ෂකයින් සියඵ දෙනාගේත් ස්තූතිය සහ ගෞරවය මුලින්ම අපේ නායක හාමුදුරුවෝ ඇතුඵ ගරුතර
මහා සංඝරත්නය මේ අවස්ථාවේදී පුදකරනවා. ඒ වගේම මේ ස්ථානයට ඇවිල්ලා මේ පින්කමට සහභාගි වුණු ඔබ සියඵ දෙනාටම අපි ස්තූතිවන්ත වෙනවා, දිවා ආහාරයවත් ගන්නේ නැතුව,
උදේ ආපු ගමන් මේ ස්ථානයට පැමිණිලා දක්වපු සහයෝගය පිළිබදව. ඒ වගේම අපේ අපේක්ෂක මහත්වරුන් සියඵදෙනා දැන් පොරොන්දු වුනු පරිදිම, අපි පොරොන්දු වුනු පරිදිම අපි මේ
අවස්ථාවේදී ජනතාව ඉදිරියේ පොරොන්දු වෙනවා ඔබට අපේ සේවය අඩු නැතුව සිදුකරනවාය කියලා. රට ජාතිය ප‍්‍රමුඛත්වයට තියලා, මේ රටේ දූෂණය, බොරුව, වංචාව නැති කරලා, මේ රටේ
සාමකාමී මැතිවරණයක් ඇති කරලා , සාමකාමී පරිසරයක් මේ රටට ඇතිකරලා ජාතික ආරක්ෂාවට මුල්තැන දෙමින් කටයුතු කරනා බවට ඔබ ඉදිරියේ පොරොන්දුවෙමින් ඔබ සියඵ දෙනාටම
තෙරුවන් සරණ පතනවා. යැයි පැවසීය.

මෙම ජය පිරිත් දේශණයෙන් අනතුරුව කුරුණෑගල ශාන්ත ආනා දේවස්ථානය, ජුම්මා මුස්ලිම් පල්ලිය සහ ශ‍්‍රී කදිරේෂන් කෝවිල වෙතද ගිය මහින්ද රාජපක්ෂ මහතා එම ස්ථානයන්වලදී
දේවාශිර්වාද ලබාගත්තේය.


01
07
06

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article