Sunday, May 5, 2024

මාරවිල රෝහලේ කාර්ය මණ්ඩලයේ 20කට කොවිඩ්

Must read

download

මාරවිල මූලික රෝහලේ සේවය කරන කාර්ය මණ්ඩලය අතරින් 20 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාධනය වී ඇති බවට අනාවරණය වී ඇතැයි සෞඛ්‍ය අංශ සදහන් කරයි. මාරවිල මූලික රෝහලේ සේවය කරමින් සිටි හෙද නිලධාරීණියන් දෙදෙනෙකුට කොවිඩ් ආසාධිත බවට පසුගිය සතියේ අනාවරණය විය.එම හෙද නිලධාරීනියන් දෙදෙනා සේවය කරමින් සිටි  රෝහලේ දැඩි සත්කාර ඒකකය වසා දමන්නට පාලනාධිකාරිය කටයුතු කරන ලදි.

අනතුරුව පසුගිය 12 වැනිදා රෝහලේ සියළුම කාර්ය මණ්ඩලය සදහා පී.සී.ආර්.පරීක්ෂණයක් සිදු කරන ලදි.එම පරීක්ෂණයේ ප්‍රතිඵල 15 වැනිදා ලැබී ඇත.එම ප්‍රතිඵල වලට අනුව මාරවිල මූලික රෝහලේ වෛද්‍යරුන් 05 ක්,හෙද නිලධාරීණියන් 08 ක්,සුළු සේවකයින් 05 ක් සහ පවුල් සෞඛ්‍ය සේවිකාවන් 02 කු කොවිඩ් ආසාධිතයින් බවට හදුනා ගෙන ඇත.


ජුඩ් සමන්ත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article